සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ ˝මෙල්බෝන්˝ නෞකාව කොළඹ වරායට පැමිණේ

    අගෝස්තු 30, 2015

    සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ˝මෙල්බෝන්˝ නෞකාව ඊයේ (29) කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුව මෙම නෞකාව පිළිගන්නා ලදී.
     


    ඉන් අනතුරුව, නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් බිල් වෝටර්ස් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති රියර් අද්මිරාල් දයානන්ද නානායක්කාර මහතා හමුවී සුහද කතාබහක නිරත වූ අතර, එහිදී සමරු ඵලක හුවමාරුවක්ද සිදු විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ජේසන් සියර්ස් මහතා ද එක්විය.



    මෙම නෞකාව සැප්තැම්බර් මස 02 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාල සීමාව තුළ ද්විපාර්ශ්වීය සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා නාවික හමුදාව විසින් සංවිධානය කළ විශේෂ වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya