සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාතේ සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට වැසි

    අගෝස්තු 28, 2015

    සුළං ප්‍රවාහයේ පවතින අභිසාරී බව හේතුවෙන් දකුණු පළාතේ සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවත් එම ප්‍රදේශවල තද වැසි සහ තද සුළං ඇති වීමේ අවධානමක් පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතේ ද තැනින් තැන වැසි බලාපොරොත්තු විය හැක.

    පස්වරු 4.00 සිට රාත්‍රී 8.00 පමණ දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

    දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා) සහ වයඹ සහ ගිනිකොන මුහුදු ප්‍රදේශවල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී. 50-60 පමණ දක්වා වැඩි විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya