සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර හිතකාමී ප්‍රචාරක වැඩපිළිවෙළ ආදර්ශයට ගනිමින් ක්‍රියාත්මක වීම යුගයේ අවශ්‍යතාවක්

    අගෝස්තු 30, 2015

    ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇති ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණවලදීත් පළාත් සභා මැතිවරණවලදීත් මෙවර මහමැතිවරණයේ පරිසර හිතකාමී ප්‍රචාරක වැඩපිළිවෙළ ආදර්ශයට ගනිමින් ක්‍රියාත්මක වීම යුගයේ අවශ්‍යතාවක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

    මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරය රටට ආදර්ශයක් වන බව පවසයි.

     

    නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද කියවෙයි. ''දීර්ඝ කාලයක් තිස්සේ මෙරට දේශපාලන සංස්කෘතිය ගොඩනැගී පැවතියේ, පරිසර හිතකාමී නොවන මහජන පීඩා ගෙන දෙන ආකාරයෙන් ය. පූර්ව මැතිවරණ ප්‍රචාරයන්හී දී පොලිතීන් ඉතා බහුල ලෙසින් භාවිතා කිරීම නිසා ඒවා අපද්‍රව්‍යයක් බවට පත් වූ පසු විසඳාලිය නොහැකි බරපතල පාරිසරික ප්‍රශ්න ගණනාවක් ම ඇති විය.

     

    ජල මාර්ග අවහිර වීම, පහසුවෙන් දිරා නොයෑම නිසා පස දූෂණය වීම, ඩෙංගු, මැලේරියා වැනි වසංගත රෝග ඇතිවීමට හේතු වීම, පරිසරය අවලස්සන වීම වැනි තත්ත්වයන් ඒ අතර ප්‍රධාන විය.

     

    මේ වනවිට ශ්‍රී ලංකීය දේශපාලඥයන් වගේම ඔවුන්ගේ ආධාරකරුවන් ද සතුටුදායක ආකාරයෙන් සිය දේශපාලන ප්‍රචාරක යාන්ත්‍රණය පරිසර හිතකාමී ආකාරයෙන් සකස් කර ගැනීම සුබවාදී දේශපාලන ප්‍රවේශයකට ගමන් කිරීමේ පෙරනිමිති පහළ කිරීමකි.

     

    ඒ සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයෙන් ම මාර්ගෝපදේශනය ජාතියට ලබාදෙන, පරිසර විෂයභාර අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන්ටත්, පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් අපගේ ඉල්ලීමට අවධානය යොමු කරමින් පක්ෂ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීමට කටයුතු කළ මැතිවරණ කොමසාරිස්තුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් කෘතවේදීත්වය පළ කරන්නෙමු.''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya