සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක අංශයෙන් රුක් රෝපණ ව්‍යාපෘතියක්

    අගෝස්තු 25, 2015

    පරිසරය සුරැකීමේ ජාතික මෙහෙවරට දායකත්වය ලබාදෙමින් සමාජිය මෙහෙවරක් ඉටුකිරීම අරමුණු කරගෙන රුක් රෝපණ ව්‍යාපෘතියක් ලබන මස 07 වැනි දා සිට ආරම්භ කිරීමට ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) කටයුතු සැලසුම් කර තිබෙන බව ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජනරාල් උබය මැදවල මහතා පැවසීය.

    පනාගොඩ ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) අද (25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ මෙහි සමාරම්භක උත්සවය යුද හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වත්තල ප්‍රිතිපුර දී ආරම්භ කිරීමට නියමිත බවයි.

    ‘පරිසරය සුරකිමු ජීවය රැකගනිමු‘ යන තේමාව මුල් කරගනිමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යනාදී ආයතනය සම්බන්ධ කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

    මෙම ව්‍යාපෘතිය කොටස් 3ක් යටතේ ක්‍රියාත්මක වන අතර පළමු අදියර තුළ පැල සිටුවීම යුද හමුදා බටපිරිස් අතින් සිදු වන අතර සේනාංක හා බලඇණි සමඟ පැල නඩත්තු කිරීම ආරක්ෂා කිරීම මාස 3ක කාලයක් සිදු කරනු ලබයි. පසුව ගසට තනියම සෑදීමට අවස්ථාව ලබාදී ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන හා ජනතාව දැනුවත් කිරීම සිදු වේ.

    මෙම පළාත්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 51ක විමර්ශනය තුළින් තෝරා ගත් ප්‍රදේශවල පැල ලක්ෂයක් සිටුවීම සිදු වේ. ඊට පැල වර්ග 35ක් පමණ අයත් වේ.

    බස්නාහිර, සබරගමුව හා දකුණ යන පළාත් ආවරණය පරිදි දිස්ත්‍රික්ක 7ක් තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවත් සමස්ත ජනගහනයෙන් 54%ක් ජීවත් වන මෙම ප්‍රදේශයේ ජනතාවට යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් මෙය ක්‍රියාත්මක වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙම ව්‍යාපෘතිය ලබන 07 වැනි දා ආරම්භ කර දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජනරාල් වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya