සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරිත දිග කොටස්වල වැසි ඇති වීමේ හැකියාව වැඩිවීමක්

    අගෝස්තු 20, 2015

    අපරභාගයේදී ගිගුරුම් සහිත ව වැසි ඇතිවීමේ හැකියාව අඩුවන අතර උදෑසන කාලයේදී දිවයිනේ නිරිත දිග කොටස්වල වැසි ඇති වීමේ හැකියාව වැඩිවෙමින් පවතී. අනෙකුත් ප්‍රදේශවල උපරිම උෂ්ණත්වය ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


    උදය කාලයේ දී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි අපේක්ෂා කළ හැක.

    දහවල් 2 න් පසු ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ජනතාවගෙන් කාරුණිකව ඉල්ලයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya