සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෘප්තිමත් හමුදා ජීවිතය පිළිබඳව යුද හමුදා සාමාජිකයින් දැනුවත් කරයි

    අගෝස්තු 05, 2015

    යුද හමුදා සෙබලුන්ගේ යහපත් මානසික සෞඛ්‍ය තත්වය පිළබඳව යුද හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා මනෝ විද්‍යාත්මක් මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ එක්ව පවත්වනු ලැබීය.

     

    නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී දින තුනක් දක්වා පැවති මෙම වැඩමුළුවේ සාමරම්භක අවස්ථාව සඳහා එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එන්.ජේ වල්ගම සහභාගි විය.

     

    හමුදා සහ සිවිල් ජීවිත කළමණාකරණය,ගැටළු වලින් තොර සාර්ථක ජීවිතයක් සඳහා ඇති මාර්ග, සිවිල් සබදතා සහ සමාජ ප්‍රශ්න පිළිබදව පුළුල්ව විග්‍රහ කරනු ලැබූ මෙම වැඩමුළුව සඳහා යුද හමුදා නිළධාරීන් 46 දෙනෙකු සහභාගි විය.

     

    මෙම අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එන්.ජේ වල්ගම, මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක බ්‍රිගේඩියර්  එච්.ආර්.කේ.පී පීරිස් සමගින් නිළධාරීන් බොහෝ පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya