සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාගයට බාධා ඇත්නම් දැනුම් දෙන්න

    අගෝස්තු 04, 2015
    අ.පො.ස උසස් පෙළ විභාගය අද (04) දින ආරම්භ වන අතර එම විභාගය  පවත්වන අවස්ථාවේදී බාහිර පාර්ශවයන්ගෙන් අයදුම්කරවුන්ට කිසියම් බාධාවක් සිදු වන්නේ නම් ඒ බව වහාම  විභාග දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට දැනුම් දීමට සියලු උපදෙස් ශාලාධිපතිවරුන්ට වෙත ලබා දී ඇති බව විභාග කොමසාරිස් ජනරාල ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
    එමෙන් ම විභාග ශාලාතුළ  කිසියම් විභාග වංචාවක් සිදු වන්නේ නම් ඒ බව විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිය යුතුය.
    ඒ සම්බන්ධයෙන් පහත සඳහන් දූරකතන ඔස්සේ විමසීම් සිදු කළ හැකි බව ඒ මහතා සඳහන් කරයි.
    පාසල් විභාග සංවිධාන ශාඛාව- දූරකතන අංක- 011 2784208011 2784537
                                                                    011 3188350/ 011 3140314
    විභාග දෙපාර්තමේන්තුව ක්ෂණික ඇමතුම් අංකය - 1911
    පොලිස් මූලස්ථානය     -  011 2421111
    පොලිස් හදිසි ඇමතුම් අංකය   - 119
    සෑම පැමිණිල්ලක් පිළිබඳව ම සොයා බැලීම සඳහා විමර්ශන කණ්ඩායම් සූදානමින් සිටින බව බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya