සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ජන්ම සත්කාර නඟාසිටුවීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි

    ජූලි 16, 2015
    නව ජන්ම සත්කාර වැඩි දියුණුකරමින් එය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය බී.වී.එස්.එච්.බෙනරගම මහතා පවසයි.
     
    නව ජන්ම සත්කාර නඟාසිටුවීම සඳහා හෘද රෝග හඳුනාගැනීම සහ නව ජන්ම දැඩි සත්කාර ඒකකවලට ඇඳන් ලබාදීමේ ක්‍රියාපටිපාටිය  ඊයේ (15) එළිදක්වමින් වෛද්‍ය බී.වී.එස්.එච්.බෙනරගම මහතා මෙසේ පැවසී ය.
     
    සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පවුල් සෞඛ්‍ය කාර්යාංශය එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියවට නංවයි.
     
    මෙම වැඩපිළිවෙල යටතේ, නව ජන්ම දරුවන්ට පවතින හෘද රෝග හඳුනා ගැනීම, නව ජන්ම දැඩි සත්කාර සඳහා අවශ්‍ය ඇඳන් ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය සහ ජංගම දුරකතන  මඟින් නව ජන්ම දරුවන්ට  දැඩි සත්කාර ඒකකවල  ප්‍රතිකාර ගැනීම සඳහා ඇඳන් වෙන් කරගැනීමට හැකියාව උදා වෙයි.
     
     
     රජය මඟින් සෞඛ්‍ය  සේවාව ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් බිලියන 180ක මුදලක් වෙන්කර තිබෙනවා.සෞඛ්‍ය උපකරණ මිළදී ගැනීමට රුපියල් බිලියන 3.5ක් ද ඖෂධ සඳහා රුපියල් බිලියන 40කට වැඩි මුදලක් යොදවා තිබෙනවා යැයි මෙම අවස්ථාවට සහභාගී වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.
     
     
    ශ්‍රී ලංකාවේ වසරකට දරු උපත් 3,85,000ක් පමණ සිදුවන බවත් යම් කිසි දරුවෙකු  හෘද රෝගයකින් පෙළෙනවා ද යන්න හඳුනාගැනීමට නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.
     
    මේ සඳහා පල්ස් ඔක්ෂි මීටර 120ක අවශ්‍යතාවක් පවතින බවත් ඒ සඳහා රුපියල් මිලියන 03ක් වැයවන බවත් උපකරණ 10ක් මේ වන විට මිල දී ගෙන තිබෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ බී.වී.එස්.එච්. බෙනරගම මහතා පැවසී ය.
     
     
    තව ද දරුවන්ගේ තයිරොක්සීන් මැන බැලීම හා අඩු මාසයෙන් පදින දරුවන්ගේ අක්ෂි පරික්ෂාව කිරීම ද සිදු කෙරේන වැඩපිළිවෙල පුළුල් කෙරේ.  ඒ අනුව නව ජන්මලාභීන්ගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම මෙන් ම ළමා මරණ අවම කරගැනීම අපේක්ෂා කෙරේ.
     
     රෝහල් කීපයකට මේ අවස්ථාවේ දී සංඛේතාත්මකව පල්ස් ඔක්ෂි මීටර ප්‍රධනය කිරීම සිදු විය.
     
    මේ අවස්ථවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
    ( මහජන සෞඛ්‍ය ) වෛද්‍ය සුනිල්  ද අල්විස්,නව ජන්ම සත්කාර වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.රොවෙල් සහ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න යන මහත්ම මහත්මීහූ සහභාගී  වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya