සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ ආකෘති පත්‍රය කඩිනම් කරන්න

    ජූලි 15, 2015

    විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම කඩිනම් කිරීම සඳහා එම වැටුප් සකස් කරන්නන්ගේ පහසුව වෙනුවෙන් ආකෘති පත්‍රයක් නිකුත් කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

    එම ආකෘති පත්‍රය කඩිනමින් ලබාදීමෙන් එම කාර්ය වඩාත් පහසු වන බව අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා පෙන්වා දුන්නේය.

    විශ්‍රාම ලිපි ගොනු එකිනෙක පරීක්ෂා කර වැටුප් සකස් කිරීමට යන ප්‍රමාදය වළක්වා විශ්‍රාමිකයින්ට කඩිනමින් වැටුප ලබාදීමේ අපේක්ෂාවෙන් එම ආකෘති පත්‍රය ලබා ගන්නා අතර එහිදී විශ්‍රාමිකයින්ගේ දත්ත පද්ධතියේ තොරතුරු යාවත්කාලීන කිරීම සිදු වේ.

     

    එම ආකෘති පත්‍රය ලබාදීමෙන් නැවත විශ්‍රාමිකයින් වාර්ෂිකව ලබා දෙන ජීවන සහතිකය වෙනම ලබා දීමට අවශ්‍ය නොවන බව පෙන්වා දුන් ඒ මහතා එම අකෘති පත්‍රය සමඟ ඡායාරූපයක් ලබාදීමෙන් ඩිජිටල් හැඳුනුම්පත් ලබා දීමට හැකි බව ද සඳහන් කළේය.

     

    මෙම කාර්ය සඳහා කාර්ය මණ්ඩලය සහාය ලබාගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට අනෙකුත් නිලධාරීන් සමබන්ධ කර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya