මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සහ නාමයෝජනා භාරදීම

    ජූලි 10, 2015
    ලබන අගෝස්තු 17 දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා මේ වන විට ඇප මුදල් තැන්පත් කළ ස්වාධීන කණ්ඩායම් ගණන 129ක් බව මැතිවරණ මහ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
     
    කොළඹ, කුරුණෑගල 10 බැගින්, ගම්පහ 08ක්, කළුතර, මහනුවර, නුවරඑළිය, වන්නි, පුත්තලම මැතිවරණ කොට්ඨාස සඳහා 06 බැගින්, මාතලේ, මොණරාගල, රත්නපුර 02 බැගින්, ගාල්ල, මාතර, අනුරාධපුරය, කෑගල්ල 03 බැගින්, හම්බන්තොට, ත්‍රීකුණාමලය, බදුල්ල 04 බැගින්, යාපනය, පොලොන්නරුව 05 බැගින්, මඩකලපුව 20ක්, දිගාමඩුල්ල 11ක් ආදී වශයෙන් ස්වාධීන කණ්ඩායම් 44ක් ඊයේ (09) පස්වරුව වන විට ඇප මුදල් තැන්පත් කර ඇත.
     
    ප්‍රජාතන්තවාදී පක්ෂය කොළඹ, ගම්පහ මැතිවරණ කොට්ඨාස සඳහාත්, ජනසෙත පෙරමුණ ගම්පහ, මහනුවර, පුත්තලම, මොණරාගල හා කෑගල්ලටත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය මහනුවර,ගාල්ල, ත්‍රීකුණාමලය, පොලොන්නරුව, කෑගල්ලටත්, ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය මාතලේ, පුත්තලම, රත්නපුරටත් යනාදී වශයෙන් ඊයේ වන විට නාමයෝජනා භාර දීම සිදු කෙරිණි. 
     
    ස්වාධීන කණ්ඩායම් 02ක් ද ඊයේ නාමයෝජනා භාරදී ඇති අතර ඒ අනුව නාමයෝජනා භාර දුන් පක්ෂ හා කණ්ඩායම් ගණන 27ක් බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya