මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි ඉදිරිපත් කිරීම ගැන දැනුවත් කෙරේ

    ජූලි 08, 2015
    මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම පිළිබඳව මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණිලි කරන සෑම අවස්ථාවක දී එවැනි පැමිණිලි අදාළ දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට ද ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.
     

    තවද, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව සෘජුව ම අදාළ පොලිස් ස්ථාන වෙත 
    පැමිණිලි ඉදිරිපත් කිරීම ද ප්‍රයෝජනවත් වන බව නිවේදනයේ සඳහන් වෙයි.
     
    මැතිවරණයට අදාළ වන නමුත් රටේ සාමාන්‍ය නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව විශේෂයෙන් ම අපරාධ යටතට ගැනෙන වැරදි පිළිබඳව නොපමාව පොලිස් ස්ථාන වෙත ( සහ අවශ්‍ය වන විට දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානීන් වෙත හා තවදුරටත් අවශ්‍ය වේ නම් පොලිස් මූලස්ථානයට/පොලිස්පතිවරයාට ද ) පැමිණිලි ඉදිරිපත් කළ යුතු වේ.
     
    මැතිවර මහලේකම් කාර්යාලය වෙත හා දිස්ත්‍රික් පැමිණිලි මධ්‍යස්ථාන වෙත දුරකතනයෙන් සිදු කෙරෙන පැමිණිලි, ෆැක්ස් මඟින් විස්තරාත්මකව එවීමට ක්‍රියාකරන ලෙස නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳව උනන්දුවක් දක්වන සියලු සිවිල් සංවිධාන,දේශපාලන පක්ෂ, හා දේශපාලන ක්‍රියාකාරීන් සහ පුරවැසියන් වෙතින් කාරුණිකව ඉල්ලා සිටින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
     
     
    මැතිවරණ මහ ලේකම් කාර්යාලීය පැමිණිලි විමර්ශන කාර්යාංශය
     
    දුරකතන අංක- 011-2877631/0112887756/0112887759
    ෆැක්ස් අංක- 011-2877636/0112887717/011-2887718

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya