මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩයමකින් තරග කරන අපේක්ෂකයන්ට උපදෙස් මාලාවක්

    ජූලි 06, 2015

    තරග කරන යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබන මැතිවරණ ප්‍රචාරක කර්යාල, වෙනත් පක්ෂ වෙනුවෙන් හෝ වෙනත් පක්ෂයක අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කළ නොහැකි බව මැතිවරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     
    එනම් යම් පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක මැතිවරණ ප්‍රචාරක කාර්යාලවල වෙනත් පක්ෂවල ඡන්ද ලකුණු වෙනත් පක්ෂවල අපේක්ෂකයන්ගේ නම්, ඡයාරූප, මනාප අංක යනදිය ප්‍රදර්ශනය කළ නොහැක.
     
     
    යම් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩයමකින් තරඟ කරන අපේක්ෂකයන්ට වෙනත් පක්ෂයක හෝ කණ්ඩායම්වල ඡන්ද පොළ නියෝජිතයන්/ ඡන්ද ගනන් කිරීමේ නියෝජිතයන් ලෙස කටයුතු කළ නොහැක.
     
     
    යම් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් තරඟ කරන අපේක්ෂකයෙකුට වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම සඳහා හෝ ස්වකීය පක්ෂයේ/ කණ්ඩායමේ නොවන අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රචාරක කටයුතු සිදු කිරීම, මාධ්‍ය නිවේදන නිකුත් කිරීම, දැන්වීම් පළ කිරීම කළ නොහැක.
     
     
    ලබගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා යම් පක්ෂයකට හෝ කණ්ඩායමකට මන්ත්‍රීධුර හිමිව නැත්නම් එම පක්ෂයේ හෝ කණ්ඩායමේ මනාප ගණන් කිරීමෙන් පසු එකී පක්ෂයේ/ කණ්ඩායමේ නියෝජිතයන් ගනන් කිරීමේ ශාලාවෙන් බැහැර කරනු ලබන බැවින් වෙනත් පක්ෂවල මනාප ගණන් කිරීම නිරීක්ෂණය කිරීමට එවැනි අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා සැබෑ ලෙස තරඟ නොකරන පක්ෂවල /කණ්ඩායම්වල නියෝජිතයන්ට අවකාශයක් නොලැබෙනු ඇත.
     
     
    එහෙයින් සැබෑ ලෙස තරඟ කිරීමේ අපේක්ෂාවෙන් තොරව එනම් වෙනත් දේශපාලන පක්ෂවලට හෝ අපේක්ෂකයන්ට සහාය දැක්වීම සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හරහා නාම යෝජනා භාරදීම මඟින් අපේක්ෂිත පරිදි වෙනත් පක්ෂයකට හෝ වෙනත් පක්ෂ අපේක්ෂකයකුට සහාය ලබාදීමට කිසිදු හැකියාවක් නොලැබෙන බව එසේ සහායදීම අපේක්ෂාව සඳහාම පමණක් තරඟ කිරීමට සූදානම්ව සිටින සියලුම දෙනා වෙත කාරුණිකව අවධාරණය කරනු ලැබේ.
     
    පාර්ලිමේන්තු මහමැතිවරණය 2015 පක්ෂ/ස්වාධීන කණ්ඩායම් සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින් වෙත මතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya