සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෝපි වගාකරුවන් දැනුවත් කෙරේ

    මැයි 26, 2015

    කෝපි වගාකරුවන් දැනුවත් කිරීමේ හා නව වෙළඳපොළ හඳුන්වා දීමේ වැඩ සටහනක් අද කොත්මලේ රොජසංගම දී පැවැත්වේ.

    ලෝකයේ වැඩිවෙමින් පවතින කෝපි ඉල්ලුමට සරිලන ලෙස කෝපි නිෂ්පාදනය වැඩි කිරිම
    සඳහා කෘෂීකර්ම අමාත්‍යංශය පියවර රැසක් ගෙන ඇත. ඉන් එක් පියවරක් ලෙස මෙම දැනුවත්
    කිරිමේ වැඩ සටහන් පවත්වන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්
    එන්.කේ.ඒ රූපසිංහ මහතා පවසයි.


    මේ වන විට හෙක්ටයාර් 6134 ක භූමි ප්‍රදේශයක කෝපි වගාව ව්‍යාප්තවී ඇත. කෝපි ප්‍ර‍භේද
    අතරින් ඇරබිකා කෝපි ප්‍රභේදයට ලෝකයේ වැඩි ඉල්ලුමක් පවතින බැවින් මේ වර්ගය ව්‍යාප්ත
    කිරිම කෙරේ වැඩි අවධානයක් යොමු කර ඇති බවද රූපසිංහ මහතා තවදුරටත් පැවසීය.

     

    ඇරබිකා කෝපි විශේෂය මුහුදු මට්ටමේ සිට මීටර් 1800 දක්වා වු උසින්වු නුවරඑළිය වැනි
    ප්‍ර‍දේශයන්හි වගාකෙරේ. අක්කර 1/4 ට වැඩි භුමි ප්‍රමාණයන්හි කෝපි වගාකරන්නන් සඳහා
    ආධාර ලබා දීමටද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

     

    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya