සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සදහා සලකා බැලෙන ග්‍රන්ථ නාම ලේඛණය ප්‍රකාශයට පත් කෙරේ

    මැයි 26, 2015

    සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා සලකා බැලෙන සිංහල දෙමළ ඉංග්‍රීසි ග්‍රන්ථ නාමාවලිය ප්‍රකාශයට පත් කර ඇත.

    2014 වර්ෂයට අදාළව රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි කරන ලද ග්‍රන්ථ , ලේඛක භවතුන් හා ප්‍රකාශන භවතුන් විසින් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය වෙත ලබා දෙන ග්‍රන්ථ මෙම ලේඛණයට ඇතුලත්ව ඇත.

     

    මෙම ග්‍රන්ථ නාමලේඛනය 2015.05.15 - 2015.06.15 දක්වා දිවයිනේ සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල , ශ්‍රී ලංකා කලා මණ්ඩලය, ජාතික කලා භවන හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේදී පරීක්ෂා කළ හැක.එමෙන්ම www.culturaldept.gov.lk යන වෙබ් අඩවියෙන්ද පරීක්ෂා කල හැක.

     

    ලේඛනයේ සදහන් නොවන එහෙත් 2014 වර්ෂයට අදාළව ප්‍රථම මුද්‍රණය ලෙස ප්‍රකාශිත ග්‍රන්ථ වෙතොත් එම ග්‍රන්ථ රචනා කල ලේඛකයාගේ කරුණු දැක්වීම ඇතුලත් ලිපියක් සමඟ 2015.06.20 දිනට පෙර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට ගෙනවිත් භාර දීමට හෝ ලේකම්, රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය හැක.

    මේ පිළිබද වැඩි විස්තර 0112872030 හෝ 0112872031 න් ලබා ගත හැක.

    AP

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya