සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගත වූ මාස 05 තුළ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 14135ක්

    මැයි 25, 2015
    2015 වර්ෂයේ ගත වූ මාස 05 තුළ දී ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 14,135ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇති බව එම ඒකකය පවසයි.
     
    ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 46.90%ක් පමණ වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. වැඩි ම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ වර්ෂය ආරම්භයේ සිට 04 වන සතිය තුළදීය.
     
    මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීමේ අවශ්‍යතාව මෙම තත්ත්වය මඟින් පෙන්නුම් කෙරෙන බවත්  උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවත් එම ඒකකය වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya