සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කරයි.

    ජූනි 10, 2024

    අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට  පත් වූ නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාශ්ට්‍රපති භවන්හි දී දිවුරුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජ්‍ය නායකයින් ඔහු වෙත ඊයේ (09) රාත්‍රියේ උණුසුම් සුබපැතුම් එක් කළේය‍.

    ඉන්දු – ශ්‍රි ලංකා සබඳතා සවිමත්ව ඉදිරියට ගෙන යාමට යළිත් නායකයෝ ප්‍රතිඥා දුන්හ.

    නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය ඊයේ (09) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ඇරයුම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය.

    බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල්, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු , සීෂෙල්ස් උප ජනාධිපති, මොරිෂියස් අගමැති මෙන්ම භූතාන අගමැතිවරයා ප්‍රමුඛ කලාපයේ රාජ්‍ය නායකයන් රැසක් ද දිවුරුම් දීමේ උත්සවයට එක්ව සිටි අතර කලාපයේ නායකයන්ගෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වුයේ ඉහළ පිළිගැනීමකි.

    ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කලාපයේ නායකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් වූ අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අසළම ස්ථානය වෙන් කර තිබීම ද විශේෂත්වයකි.

    මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රාජ්‍ය නායකයන් එක් වූහ.

    දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම පිළිබඳ ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේ රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබිණි.

    මෙම උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ෂෙනුකා සෙනවිරත්න , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න,ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්‍ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

    Screenshot 2024 06 10 075913

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා සිය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඊට එක් වූ රාජ්‍ය නායකයින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු

     

    Screenshot 2024 06 10 080030

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya