මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රට වෙනුවෙන් එකට සිටිමු “ජාතික වැඩසටහනට සමගාමීව යාපනය දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය වන පරිදි ග්‍රාම්‍ය මට්ටමෙන් ඩෙංගු රෝග නිවාරණ වැඩසටහන්.

    අගෝස්තු 25, 2019

    ජනාධිපති ලේකම් කාර්යාලය හා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු මහජන ගැටලු හඳුනාගෙන රාජ්‍ය යාන්ත්‍රණය ජනතාවගේ දෙපා මුලට ගොස් ගැටලු විසඳීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන “රට වෙනුවෙන් එකට සිටිමු“ ජාතික සංවර්ධන වැඩ සටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක් ඉලක්ක කර ගෙන ඩෙංගු රෝග නිවාරණ වැඩ සටහනක් ක්‍රියාත්මක වන බව යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායහන් මහතා පවසයි.


    යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වන ඩෙල්ෆ්, දකුණු දිවයින්, උතුරු දිවයින්, කරෙයිනගර්, යාපනය, නල්ලූර්, වලිකාමම් නිරිත, වල්ලිකාමම් බටහිර, වල්ලිකාමම් දකුණ, වල්ලිකාමම් උතුර, වල්ලිකාමම් නැගෙනහිර, තෙන්නමරාච්චි, වඩමාරච්චි නිරිත, වඩමාරච්චි උතුර, වඩමාරච්චි නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ග්‍රාම සේවා වසම් 435ක් ඉලක්ක කරගෙන ඩෙංගු නිවාරණ වැඩ සටහන් ක්‍රියාත්මක කරන බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය මත සිදු කෙරෙන ඩෙංගු නිවාරණ වැඩ සටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ග්‍රාම්‍ය මට්ටමෙන් පරිසරය පිරිසිදු කිරීම, ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන ඩෙංගු මදුරු කීටයන් වැඩීම පාලනය කිරීම, කුණු කසල හා ජලය බැසනොයන තැන් පිරිසිදු
    කිරීම, ගෘහස්ථ නිවාස පරිසරයන් පිරිසිදුව තබාගැනීම, දිරා නොයන ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසිලෙස බැහැර කිරීම, ආදී කරුණු පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් ස්වේච්ඡා වැඩ සටහන් යටතේ මහජන සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර සෞඛ්‍ය අංශවල නිසි මාර්ගෝපදේශන වැඩසටහන් ඇතුළත් බව මෙයට ඇතුළත් බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහනේ ඩෙංගු නිවාරණ ව්‍යාපෘති සඳහා ආරක්ෂක අංශවල ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා පොලීසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක් මේ සඳහා එක් වී තිබේ.

    යාපනය දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.