අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික්කයේ අනවසරයෙන් කුඹුරු ඉඩම් ගොඩකල හා කුඹුරු ඉඩම් වෙනත් කාර්යයන් සඳහා යොදවා ඇති ස්ථාන පිළිබඳව සොයා බලයි.

    අගෝස්තු 04, 2019

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අනවසරයෙන් කුඹුරු ඉඩම් ගොඩකල හා කුඹුරු ඉඩම් වෙනත් කාර්යයන් සඳහා යොදවා ඇති ස්ථාන පිළිබඳව සොයා බලයි.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධික්ෂණය මත ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක ජුලි මස 29 දින සිට අගෝස්තු 05 දින දක්වා ක්‍රියාත්මක වන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම් අනවසරයෙන් ගොඩකළ හා කුඹුරු ඉඩම් වෙනත් කාර්යයන් සඳහා භාවිතා කරන පුද්ගලයන් පිළිබඳව සොයාබැලීම සඳහා අහඹු ලෙස එවැනි ස්ථාන පරීක්ෂාවට ලක් කරන බව ගම්පහ සහකාර ගොවිජන කොමසාරිස් ඩී. බී. ඇල්ලේපොළ මහතා අවධාරණය කරයි.


    ගම්පහ දිස්ත්‍රික්කයේ යල හා මහ කන්න වී වගා කරන මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 6,163ක් වන අතර මෙම බිම් ප්‍රමාණයෙන් පුරන් වූ බිම් ප්‍රමාණය හෙක්ටයාර් 131කි. පසුගිය වසරේ වෙනත් භෝග වගා කල අක්කර ගණන 348කි. පුරන් වූ වගා බිම් ඇතුළු කිසිදු භෝගයක් වගා කළ නොහැකි ඉඩම් අවසරයකින් තොරව වෙනත් කාර්යයන් සඳහා භාවිතා කිරීමට කිසිදු නීතිමය අවසරයක් නොමැති වුවත් අනවසරයෙන් ගොඩකළ කුඹුරු ඉඩම් පිළිබඳව ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවට වාර්තා වන අතර එවැනි වාර්තාවීම් සම්බන්ධව දෙපාර්තමේන්තුව සොයා බලා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව පවසන සහකාර ගොවි ජනසේවා කොමසාරිස් ඩී. බී. ඇල්ලේපොල මහතා “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩ සටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම් අනවසරයෙන් ගොඩකර තිබේද හා වෙනත් කාර්යයන් සඳහා භාවිතා කර තිබේද යන්න පිළිබඳව ස්ථානීය සොයාබැලීම් මෙම සතිය පුරා සිදු කෙරෙන බව පවසයි.

    ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පුරන් වූ කුඹුරු යලි අස්වැද්දීමටත් එසේ වී ගොවිතැන සඳහා අස්වැද්දිය නොහැකි පුරන් කුඹුරු පමණක් මිරිදිය ධීවර කර්මාන්තයට හා සුරතල් මසුන් බෝ කිරීම වැනි කර්මාන්ත සඳහා යෙදවීමටත් කටයුතු කරන අතර ඊට පරිබාහිර කුඹුරු ඉඩම් වෙනත් කාර්යයන් සඳහා භාවිතා කරන අයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සිදු කරන බව ද පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.