අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

     “රට වෙනුවෙන් එකට සිටිමු"ජාතික සංවර්ධන වැඩසටහන මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩසටහන් 4038 ක් නිම කෙරේ.

    අගෝස්තු 04, 2019

    ප්‍රවෘත්ති නිවේදනය-  “රට වෙනුවෙන් එකට සිටිමු"ජාතික සංවර්ධන වැඩසටහන මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩසටහන් 4038 ක් නිම කෙරේ. ප්‍රතිලාභීන් 324,047 ක් වැය කළ මුදල රුපියල් මිලියන 123 ක්

    2019 ගම්පහ දිස්ත්‍රික්කයේ ජුලි 29 දින ආරම්භ කළ “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන මේ වන විට දින 06 ක් පුරා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 ක ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වී ඇත. ඒ අනුව, ඊයේ දිනය (අගෝස්තු 03) අවසන් වන විට තුන් ලක්ෂ විසිපන්දහසකට ආසන්න ජනතාවක් මේ තුළින් ප්‍රතිලාභ ලබා ඇති අතර, මිලියන 123 ක් (රු.122,947,073.00) ඒ සඳහා වැය කර තිබේ. මෙතෙක් නිම කරන ලද සමස්ත වැඩසටහන් ගණන 4038 කි.

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහන මීට පෙර පුත්තලම, මඩකලපුව, අම්පාර, මුලතිව් සහ මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි
    ක්‍රියාත්මක කරන ලදී. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ආවරණය වන පරිදි ජනතාවගේ ආර්ථික, සෞඛ්‍ය, සාමාජයීය, පරිපාලනමය හා පාරිසරික ගැටලු විසඳීමට රජයේ දායකත්වය ලබා දීම මෙහි මූලික අභිප්‍රාය වේ.

    ඒ අනුව, මෙම වැඩටසහන තුළින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ප්‍රධාන ජාතික වැඩසටහන් වන ග්‍රාම ශක්ති, වකුගඩු නිවාරණ, ඩෙංගු මර්දන, ආහාර සුරක්ෂිතතා, මත්ද්‍රව්‍ය නිවාරණ, සුරකිමු දරුවන්, ස්මාට් ශ්‍රී
    ලංකා, පාරිසරික සංරක්ෂණ, ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ යනාදී වැඩසටහන් 10 කට අයත් නිලධාරීහු ප්‍රජා මූල සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදයන් ඔස්සේ ජනතාවගේ ගැටලු විසඳීමට කටයුතු කරති.

    ඊට අමතරව සියලු රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා සහ වෙනත් ආයතන විසින් ඒ ඒ ක්ෂේත්‍රයන් ඔස්සේ ජනතාවට බලපාන ගැටලු සඳහා විසඳුම් ලබා දීමටත්, මුල්‍ය පහසුකම්, ආයෝජන හා වෙනත් ආධාර පිරිනැමීමටත් වෘත්තීය අවස්ථා විවෘත කරදීමටත් කටයුතු කරනු ලැබේ. මෙම සියලු මහජන සේවාවන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් කාර්යක්ෂම ලෙස සීමිත දින ගණනක් තුළ සම්පූර්ණ කිරීම මෙම වැඩසටහටනේ විශේෂත්වයයි. මෙම වැඩසටහන් මාලාවේ හයවන වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ මිලියන 2.4 ක් වන ජනතාවගේ අවශ්‍යතා හා සුබසාධනය වෙනුවෙන් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මෙම සංවර්ධන ක්‍රියාන්විතය අවසන් වන විට ව්‍යාපෘති හයදහසකට ආසන්න ප්‍රමාණයක් සාර්ථක ලෙස නිම කිරීමට අපේක්ෂිතය.
    වැඩසටහනේ සමස්ත ප්‍රගතිය 2019 අගෝස්තු 05 දින පැවැත්වෙන ප්‍රගති සමාලෝචන හා සමාප්ති උත්සවයේදී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ අධීක්ෂණයට ලක් කිරීමට කටයුතු යොදා ඇත.

    ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.