අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පාරිසරික සුරක්ෂිතතා වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ “සුඛිත පුරවර” කුඩා නාගරික සංවර්ධන වැඩ සටහනේ ඵලදායිතාව ඇගයීමට ලක්කෙරේ.

    අගෝස්තු 02, 2019

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන ජාතික පාරිසරික සුරක්ෂිතතා වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ “සුඛිත පුරවර” කුඩා නාගරික සංවර්ධන වැඩ සටහනේ ඵලදායිතාව ඇගයීමට ලක්කෙරේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය මත ක්‍රියාත්මක වන ජාතික වැඩසටහන් අතර ජාතික පාරිසරික සුරක්ෂිතතා වැඩසටහන ප්‍රධාන වන අතර, “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව එම වැඩසටහන තුළින්, ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය වසරේ දී ක්‍රියාත්මක කළ “සුඛිත පුරවර” කුඩා නගර සංවර්ධන වැඩසටහනේ ඵලදායිතාවය අධ්‍යයනය කරමින් පාරිසරික සුරක්ෂිතතාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සිදුකෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.


    දිවයිනේ සෑම නගරයක්ම ආවරණය වන පරිදි පාරිසරික උපද්‍රවවලින් තොර පිරිසිදු, අලංකාර නගරයක් බිහිකර ගැනීම වෙනුවෙන් ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇතිකිරීම හා ඒ තුළින් නාගරික පරිසරය වඩාත් සුරක්ෂිත පරිසරයක් බවට පත්කිරීම ඉලක්ක කරගෙන මෙම සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වේ. සුඛිත පුරවර කුඩා නගර ව්‍යාපෘති යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 9ක් කේන්ද්‍ර කරගෙන ව්‍යාපෘති 154ක් ක්‍රියාත්මක කර ඇති අතර මේ සඳහා රජය රුපියල් මිලියන 168ක් වැයකර ඇත. දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, ගම්පහ, ජා ඇල, වත්තල, මහර, දොම්පෙ හා බියගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වූ අතර එම ව්‍යාපෘති තුළින් පාරිසරික සුරක්ෂිතතාව ඇති කරමින් ලස්සන නගරයක් බිහිකිරීම සඳහා රජය පියවර ගෙන ඇත.

    රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන හා සමගාමීව, ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික පාරිසරික සුරක්ෂිතතා වැඩසටහන යටතේ, සෑම පුරවැසියෙක්ම පරිසරයට ආදරය කරන, පරිසරය රැකගන්නා යහපත් පුරවැසියෙක් බවට පත් කිරීම ඉලක්ක කර ගත් විශේෂ දැනුවත් කිරීමේ දියත් කරන බව ජාතික පාරිසරික සුරක්ෂිතතා වැඩසටහන පවසයි. එමෙන්ම, නිතර පාරිසරික උවදුරුවලට හා ගංවතුර තර්ජනයට මුහුණ දෙන දිස්ත්‍රික්කයක් වන ගම්පහ දිස්ත්‍රික්කයේ අවදානම් කලාප හඳුනාගෙන පහත්බිම් ගොඩකිරීමෙන් හා කුඹුරු ගොඩකිරීමෙන් සිදුවිය හැකි පාරිසරික ගැටලු අවම කරගැනීමේ වැදගත්කම පිළිබඳව පහත්බිම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව දැනුවත් කිරීමද විශේෂයෙන් මෙම වැඩසටහන මඟින් සිදුකරනු ලැබේ.

    ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.