අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනයයි-රට වෙනුවෙන් එකට සිටිමු, අම්පාර දිස්ත්‍රික් ජාතික සංවර්ධන වැඩසටහන -මිලියන 46.6 ක වියදමින් ව්‍යාපෘති 1512 ක් ක්‍රියාත්මක කර අවසන්

    මැයි 09, 2019

     ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහන මැයි 06 දින සිට මැයි 11 වන දින දක්වා අම්පාර දිස්ත්‍රික්කයේ දී ක්‍රියාත්මක වේ. එම වැඩසටහනේ තුන්වන දිනය වන (08) ඊයේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 20ක ක්‍රියාත්මක කල මහජන සේවා වැඩ සටහන් 1512 කින් පවුල් දෙලක්ෂ තිස් තුන් දහස් හයසිය අසූ හයකට (233, 686) ප්‍රතිලාභ ලබා දී ඇතැයි අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

    මෙම සංවර්ධන හා සේවා ව්‍යාපෘති සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 46 (රු.46,636,093.00) ඉක්මවා තිබේ. මෙම වැඩසටහන් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, නැගෙනහිර පළාත් සභාව හා මධ්‍යම රජය සිය දායකත්වය ලබා දී ඇත.


    අම්පාර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි වැඩසටහන් 338ක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කර ඇති අතර ඒ මගින් පවුල් 20,163 කට ප්‍රතිලාභ සලසා ඇත.
    එමෙන්ම, නැගෙනහිර පළාත් සභාව හා මධ්‍යම රජයට අයත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මගින් මෙම වැඩසටහන වෙනුවෙන් ව්‍යාපෘති 1174 ක් මේ වන විට ක්‍රියාත්මක කර ඇත. ඒ මගින් ප්‍රතිලාභ ලබා ඇති පවුල්
    සංඛ්‍යාව 213, 523 කි.

    මෙහිදී, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ප්‍රධාන ජාතික වැඩසටහන් වන මත්ද්‍රව්‍ය නිවාරණ, සුරකිමු දරුවන්, ස්මාර්ට් ශ්‍රී ලංකා, ජාතික ආහාර නිෂ්පාදනය, ඩෙංගු මර්ධනය, වකුගඩු හා බෝ නොවන රෝග නිවාරණය, ජාතික පරිසර සංරක්ෂණය, වැඩිහිටි පුද්ගලයින් හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සවිබල ගැන්වීම වැනි ප්‍රධාන වැඩ සටහන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ක්‍රියාත්මක කෙරේ.


    රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල දායකත්වයෙන්ද විවිධ සංවර්ධන වැඩසටහන් රට වෙනුවෙන් එකට සිටිමු වැඩ සටහන තුළ ක්‍රියාත්මක කෙරේ. ප්‍රදේශයේ ජනතාවට බලපාන මෙතෙක් නොවිසඳුනු ඉඩම් ගැටලු විසඳීම, වගා කටයුතු හා ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය උපකරණ හා උපදේශනය ලබා දීම, රැකියා හා වෘත්තීය අවශ්‍යතාවන්ට මගපෙන්වීම, මාර්ග හා නව ගොඩනැගිලි ඉදිකිරීම, හැඳුනුම්පත්, උප්පැන්න සහතික හා අනෙකුත් මහජන ගැටලු විසඳීම ආදී සේවාවන් අදාළ නිලධාරීන්ගේ ඍජු අධීක්ෂණය මත ඉතා කඩිනමින් ලබා දීමට කටයුතු කිරීම මෙම වැඩසටහනේ විශේෂත්වය වේ.


    මෙම සියලු වැඩසටහන් සඳහා පාසල් සිසුන්, වැඩිහිටි හා තරුණ ප්‍රජාව, විශ්‍රාමිකයින්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන ආයතන හා ස්වේච්ඡා සංවිධාන මට්ටමින් ජනතාව සිංහල, දමිළ හා මුස්ලිම් භේදයකින් තොරව ඉතා
    උනන්දුවෙන් සහභාගි වී ඇත.

    2019 මැයි 11 වන දින තෙක් මෙම වැඩසටහන තව දුරටත් අම්පාර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කෙරේ. 

     

    අම්පාර දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.