අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනේ දෙවන දිනය-දිස්ත්‍රික්කයේ මහජන ව්‍යාපෘති 989ක් ක්‍රියාත්මකයි

    මැයි 08, 2019

    ප්‍රවෘත්ති නිවේදනය-

    රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනේ දෙවන දිනයේ (07) අම්පාර දිස්ත්‍රික්කයේ මහජන ව්‍යාපෘති 989ක් ක්‍රියාත්මකයි ප්‍රතිලාභීන් ගණන 131000 ඉක්මවයි

    ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහනේ අම්පාර දිස්ත්‍රික් වැඩ සටහන ඊයේ (06) දින අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 20 ක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන අතර එහි දෙවන දිනය වන (07) දින ව්‍යාපෘති 989ක් ක්‍රියාත්මක වූ බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවධාරණය කරයි.


    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන ව්‍යාපෘතින් වන මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩ සටහන, සුරකිමු දරුවන් ජාතික ආහාර සුරක්ෂිතතා, පරිසර සංරක්ෂණය, ග්‍රාම ශක්ති, ස්මාට් ශ්‍රී ලංකා, රණවිරු සේවා, තිරසර අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ඇතුළු ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රියාත්මක කෙරෙන පෙර පාසල් වැඩිහිටි සුරක්ෂිතතා රුක් රෝපණ, කැලි කසල පිරිසිදු කිරීම් ආදී ප්‍රධාන ව්‍යාපෘති 42 ක් මෙම වැඩ සටහන යටතේ සතියක් පුරා අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වේ.

    අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු අඩ්ඩාලච්චේනය, අක්කරෙයිපත්තු, අම්පාර, කල්මුණේ, පොතුවිල්, සයින්දමර්දු, තිරුක්කෝවිල්, දමන ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල 20 ක් තුල ග්‍රාම ශක්ති ව්‍යාපෘති 61ක් අද දින (07) ක්‍රියාත්මක වූ අතර ස්මාට් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘති 19ක් ද, මත්ද්‍රව්‍ය නිවරණ ව්‍යාපෘති 91ක් ද විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා ව්‍යාපෘති 8ක් ද, ආහාර සුරක්ෂිත වැඩ සටහන් 27ක් ද, පාරිසරික සුරක්ෂිතතා වැඩ සටහන් 144 ක්ද, වකුගඩු නිවාරණ වැඩ සටහන් 23 ක්ද, තිරසර අධ්‍යාපන වැඩ සටහන් 7ක්ද, සුරකිමු දරුවන් 27ක්ද, කුඩා ව්‍යවසායක හා ව්‍යාපාර සංවර්ධන වැඩ සටහන් 9ක් ඇතුළු මහජන ව්‍යාපෘති 989 ක් ක්‍රියාත්මක වූ අතර මෙමගින් ප්‍රතිලාභින් 131000ක් හදුනාගෙන තිබේ. මේ සඳහා රජය වැයකළ මුදල රු. මිලියන 26ක් බව අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

     (08) දින “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහනේ තුන්වන දිනයේදීත් මෙවැනි වැඩ සටහන් රාශියක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කරන අතර මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ අමාත්‍යාංශ 27ක දායකත්වය ලැබෙන අතර නැගෙනහිර පළාත් සභාවේ මූල්‍ය ආධාර මත ද වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක වන බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවධාරණය කරයි.

    අම්පාර දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.