IMD ‘රන් අස්වනු එක මිටට’ මූලික වටයේ වැඩසටහන ඊයේ (29) කොළඹ නිදහස් චතුරශ්‍ර ආකේඩ් පරිශ්‍රයේ සංවිධානය කර තිබූ ගුවන්විදුලි සංස්ථා භූමියේදී පැවැත්විණි.
වාරිමාර්ග කළමනාකරණ අංශය මඟින් ආරම්භ කර ඇති IMD ‘රන් අස්වනු එක මිටට’ වැඩසටහනේ මුඛ්‍ය බලාපොරොත්තුව වන්නේ මහා වාරිමාර්ග ව්‍යාපාරවල ගොවීන් විසින් නිෂ්පාදනය කරනු ලබන ගුණාත්මක කෘෂි නිෂ්පාදන ගොවියා සහ පාරිභෝගිකයා අතර අතරමැදියකු නොමැතිව ඍජුවම පාරිභෝගිකයා වෙත ඉතාම අඩු මිලකට අලෙවි කිරිමට අවස්ථාව හා පරිසරය නිර්මාණය කර දීම හා අලෙවිකරණය සඳහා සම්බන්ධීකරණය සිදුකර දීමයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අමාත්‍ය තුමන් සහ නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ මඟ පෙන්වීම යටතේ ලේකම්තුමන් හා වාරිමාර්ග කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂතුමන්ගේ මැදිහත්වීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
වාරිමාර්ග යෝජනා ක්‍රමවල කළමනාකරණය සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීම, වාරිමාර්ග උප පද්ධතියේ ක්‍රියාකාරීත්වය සහ නඩත්තුව වැඩිදියුණු කිරීම සහ කෘෂිකාර්මික නිෂ්පාදන සහ ඵලදායිතාව වැඩි කිරීමත් ඒ සඳහා පහසුකම් සැලසීම සහ සක්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ගොවීන් පාදක කරගත් ආයතන පිහිටුවීම සහ ශක්තිමත් කිරීම තුළින් ප්‍රධාන වාරිමාර්ග යෝජනා ක්‍රමවල ගොවි ප්‍රජාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට වාරිමාර්ග කළමනාකරණ අංශය මේ වනවිට කටයුතු කරමින් සිටියි.
එහි එක් පියවරක් ලෙස IMD ‘රන් අස්වනු එක මිටට’ වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත අතර ඉදිරියට තවදුරටත් කොළඹ නගරය පුරාවටම ව්‍යාප්ත කිරීම සිදු කරනු ඇත.


