මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමන් දේව ප්‍රතිමා වහන්සේ සහ සධාතුක කරඬුව ඇතුළු ව දේව ආභරණ ශ්‍රී පාද මහ මළුවේ තැන්පත් කිරීම අදයි

    දෙසැම්බර් 06, 2014
    මෙවර ශ්‍රී පාද වන්දනා සමය නිමිත්තෙන් අදට (06) යෙදී ඇති උඳුවප් පුන් පොහෝ දින සමන් දේව ප්‍රතිමා වහන්සේ සහ සධාතුක කරඬුව ඇතුළු ව දේව ආභරණ ශ්‍රී පාද මළුවේ තැන්පත් කිරීම අද සිදු වේ.
     
    ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ සිට ගමන් ආරම්භ කරනු ලබන සමන් දේව ප්‍රතිමා වහන්සේ සහ සධාතුක කරඬුව රැගත් පෙරහර නල්ලතන්නියට පැමිණෙන අතර එතැන් සිට යුද හමුදා නිලධාරීන් සමන් දේව ප්‍රතිමා වහන්සේ සහ සධාතුක කරඬුව ඇතුළු ව දේව ආභරණ රන් සිවිගෙයක තැන්පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී පාද මහ මළුව වෙත වැඩම කරලීම සිදු කෙරේ.
     
    උඳුවප් පුන් පොහෝ දිනයේ දී සමන් දේව ප්‍රතිමා වහන්සේ සහ සධාතුක කරඬුව ඇතුළු ව දේව ආභරණ ශ්‍රී පාද මළුවේ තැන්පත් කිරීම ශ්‍රී පාදස්ථානාධිපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටිකාචාර්ය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති තැන්පත් බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
     
    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya