ලංකාවේ භික්ෂුණී ශාසනය අද වැනි දිනක ආරම්භ වූ අතර ජය ශ්රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරනු ලැබුවේ ද අද වැනි දිනකදීය.
දෙවන පෑතිස් රජ දවස උඳුවප් පුර පසළොස්වක පෝය දිනක දී සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ ශ්රී මහා බෝධි දකුණු ශාඛාව රැගෙන දඹකොළ පටුනින් ලංකාවට වැඩම කරවීම සිදු විය. උඳුවප් පෝය දිනයේත් බෞද්ධ ජනතාව වැඩි වශයෙන් වන්දනාවේ යන්නේ අනුරාධපුරයටයි.
NDH