මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සම්මාභිමානී" ධර්ම දේශනා මාලාවේ පොලොන්නරුව දිස්ත්‍රික් ධර්ම දේශනාවන් හෙට සිට

    දෙසැම්බර් 06, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම මත ක්‍රියාත්මක කරන සදාචාර සම්පන්න සහ විනයගරුක සමාජයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් පවත්වනු ලබන "සම්මාභිමානී" ධර්ම දේශනා මාලාවේ පොලොන්නරුව දිස්ත්‍රික් ධර්ම දේශනාවන් හෙට (07) සිට ලබන 09 දින දක්වා පැවැත්වීමට නියමිතය.
     
    ඒ අනුව හෙට (07) හා අනිද්දා (08) පුලතිසි බුද්ධි මණ්ඩපයේදී ද 09 දින මනම්පිටිය ප්‍රතිභා ශාලාවේදී ද මේ ධර්ම දේශනා පැවැත්වේ. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි මේ වැඩසටහන් සංවිධානය කර තිබේ.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීම මත රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ප්‍රමුඛ ආරක්ෂක අංශයන් හි දැඩි කැපවීම තුළින් 30 වසරක කුරිරු යුද්ධය නිමාකොට ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට දිනා දුන් නිදහසත් සමඟ සංවර්ධිත දේශයක් ලෙස ඉදිරියට ගෙන යන මෙවන් අවධියක වර්ධනය වන අපචාර හා සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් ජනතාව මුදාගැනීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
     
    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya