මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවියාගහ රට්ඨපාල පුරාණ මහා විහාරයට නීලගිරි ධාතූන් වහන්සේලා වැඩම කෙරේ

    දෙසැම්බර් 05, 2014
    අම්පාර නීලගිරි චෛත්‍යයෙන් සොයා ගන්නා ලද ධාතූන් වහන්සේලා මාතර දිස්ති‍්‍රක්කයේ දිවියාගහ රට්ඨපාල පුරාණ මහා විහාරස්ථානයේ දී මහජන ප්‍රදර්ශනයට කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව ඊයේ (04) සිට 07දක්වා මෙම ධාතූන් වහන්සේලා එම විහාරස්ථානයේ දී ප‍්‍රදර්ශනය කෙරේ.
     
    මීට සමඟාමී ව එම විහාරස්ථානයේ දී දුටුගැමුණු මහ රජුගේ භෂ්මාව ශේෂ ද ප‍්‍රදර්ශනය කෙරේ. දිවියාගහ රට්ඨපාල පුරාණ විහාරස්ථානය පැරණි මූර්ති හා බිතු සිතුවම් සහිත විහාර ගෙයකින් සමන්විත, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කරනු ලබන ස්ථානයකි.
     
    සාමය එළැඹීමෙන් පසුව ඉකුත් වසර 03 තුළ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ප‍්‍රධානතම පුරාවිද්‍යා ව්‍යාපෘතිය නීලගිරි දාගැබ කැණීම් සිදු කිරීමයි. මෙම කැණීම්වලදී අනාවරණය වූ ධාතූන් වහන්සේලා මේ වන විට කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයේ ස්ථානගත කර තිබේ. 
     
    මෙම ධාතූන් වහන්සේලා ශී‍්‍ර ලංකාවාසී ජනතාවට දැක වැද නමස්කාර කිරීම සඳහා දිවයින පුරා ප‍්‍රදර්ශනය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවේ.
     
    මීට ප‍්‍රථම සේරුවිල රජමහා විහාරය, වේයන්ගොඩ, හඟුරන්කෙත, කෑගල්ල යන ස්ථානයන්හි මෙම ධාතූන් වහන්සේලා ප‍්‍රදර්ශනය කරන ලද අතර පවත්නා අයහපත් කාළගුණ තත්ත්වය තුළ වුවද විශාල ජනකායක් මෙම ධාතූන්වහන්සේලා වැඳ පුදා ගැනීමට පැමිණි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
     
    ඉදිරි මාස 02 තුළ කොළඔ, කුලියාපිටිය, කඩුවෙල, පුත්තලම යන ප‍්‍රදේශයන් හි ජනතාවට ධාතූන් වහන්සෙලා වන්දනාමාන කර ගැනීම සඳහා විවිධ විහාරස්ථානවලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කර සිටියි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya