මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සම්මාභිමානී" ධර්ම දේශනා මාලාව පොලොන්නරුවේදීත්

    දෙසැම්බර් 04, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම මත ක්‍රියාත්මක කරන සදාචාර සම්පන්න සහ විනයගරුක සමාජයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් පවත්වනු ලබන "සම්මාභිමානී" ධර්ම දේශනා මාලාවේ පොලොන්නරුව දිස්ත්‍රික් ධර්ම දේශනාවන් ලබන 07, 08 හා 09 යන දිනයන්හි පැවැත්වීමට නියමිතය.
     
    ඒ අනුව 07 හා 08 දිනයන් හි පුලතිසි බුද්ධි මණ්ඩපයේදී ද 09 දින මනම්පිටිය ප්‍රතිභා ශාලාවේදී ද මේ ධර්ම දේශනා පැවැත්වෙන බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීම මත රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ප්‍රමුඛ ආරක්ෂක අංශයන් හි දැඩි කැපවීම තුළින් 30 වසරක කුරිරු යුද්ධය නිමාකොට ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට දිනා දුන් නිදහසත් සමඟ සංවර්ධිත දේශයක් ලෙස ඉදිරියට ගෙන යන මෙවන් අවධියක වර්ධනය වන අපචාර හා සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් ජනතාව මුදාගැනීම මෙවැනි වැඩසටහනක අරමුණ බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
     
    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya