මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'සම්මාභිමානි' ආගමික වැඩසටහන අද නාවුල දී

    දෙසැම්බර් 03, 2014
    "කුරිරු ත්‍රස්තවාදයෙන් මිදුණු අප අධ්‍යාත්මික සංවර්ධනය තුළින් යහපත් දේශයක් උදෙසා පියනගමු" යන තේමාවෙන් යුතුව සමාජයේ ආධ්‍යාත්මික සංවර්ධනය අරමුණු කරගමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන "සම්මාභිමානී" ආගමික වැඩසටහන් මාලාව අද (03) නාවුල යොවුන් පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. 
     
    අද වැඩසටහන සඳහා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි දේශකයාණන් වහන්සේ වශයෙන් සහභාගි වෙති. 
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් යුද්ධ හමුදාවේ සංවිධායකත්වයෙන් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කෙරේ.
     
    මෙම වැඩසටහන පසුගිය දින ඇඹිලිපිටියෙන් ආරම්භ කළ අතර අනතුරුව රත්නපුර, පැල්මඩුල්ල, බිබිල, බදුල්ල, බුත්තල ආදී ප්‍රදේශවල පවත්වා ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya