මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැතිමතුන්ගේ පහසුව සඳහා ශ්‍රී පාද වන්දනා සමයේ විශේෂ වැඩපිළිවෙළක්

    දෙසැම්බර් 02, 2014

    ශ්‍රී පාද වන්දනා මාන කිරීම සඳහා නන් දෙසින් පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ සනීපාරක්ෂාව, ප්‍රවාහන පහසුකම් සඳහා මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව නුවරඑළිය අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.


    2014-2015 ශ්‍රී පාද වන්දනා සමය ලබන 06 වෙනි දිනට යෙදී ඇති උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වේ. ඒ අනුව 2015 වෙසක් පුන් පොහෝ දින දක්වා ශ්‍රී පාද වන්දනා සමය පැවැත් වේ. ලබන 05 වෙනි දින උදෑසන ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ සිට ගමන් ආරම්භ කරනු ලබන සමන් දේව ප්‍රතිමා වහන්සේ සහ සධාතුක කරඬුව රැගත් පෙරහර නල්ලතන්නියට පැමිණේ. එතැන් සිට යුද හමුදා නිලධාරීන් සමන් දේව ප්‍රතිමා වහන්සේ සහ සධාතුක කරඬුව ඇතුළු ව දේව ආභරණ රන් සිවිගෙයක තැන්පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී පාද මහ මළුව වෙත වැඩම කරලීම සිදු කෙරෙනු ඇත.

    උඳුවප් පුන් පොහෝ දිනයේ දී සමන් දේව ප්‍රතිමා වහන්සේ සහ සධාතුක කරඬුව ඇතුළුව දේව ආභරණ ශ්‍රී පාද මළුවේ තැන්පත් කිරීම ශ්‍රී පාදස්ථානාධිපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපාටකාචාර්ය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති තැන්පත් බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya