මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ප්‍රකාශන නව පොත් අලෙවි සැල විවෘත වෙයි

    නොවැම්බර් 24, 2014

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මෙන් රටේ නායකත්වයට විරුද්ධව කටයුතු කරමින් කන්ද උඩරට බ්‍රිතාන්‍යයන්ට යටත් කරදීමේ ඉතිහාසයක් අපට තිබෙන බවත් රට ජාතිය වෙනුවෙන් කැප වී කටයුතු කරන රාජ්‍ය නායකයන්ට විරුද්ධව කටයුතු කිරීම ආර්ය කුල සිරිතේ කොටසක් වී තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ  ප්‍රධාන තොග සහ සිල්ලර වෙළෙඳ මධ්‍යස්ථානය අංක 131, මරදාන විද්‍යෝදය පිරිවෙන් පරිශ්‍රය, හික්කඩුව ශ්‍රී සුමංගල මාවත, කොළඹ 10 හි විවෘත කිරීමේ අවස්ථාවට අද (24) පෙරවරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.


    බ්‍රිතාන්‍ය ගැති සුදු කරපටි රැකියා මානසිකත්වයක් තිබෙන එක් පිරිසකට පමණක් සීමා වූ අධ්‍යාපනය තුළ සාමාන්‍ය ජනතාවට අවස්ථාවක් ලබා නොදුන් බවත් එවැනි කාලයක් තුළ තම ධන පරිත්‍යාගයෙන් පාසල් 122ක් ඇති කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාටත්  ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මෙන් විරුද්ධව කටයුතු කළ පිරිසක් සිටි බවත් අමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

    අධ්‍යාපනයේ 4 වැනි හැරවුම මහින්ද චින්තනයෙන් සිදු කරමින් ගමේ දරුවාටත් නගරයේ පාසල්වල පහසුකම් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන බවත් විෂය නිර්දේශය, ගුරු අත්පොත්, නොමිලේ පෙළපොත්, පසුගිය ප්‍රශ්නපත්‍ර ඇගයීම් වාර්තා අනුව විභාග ප්‍රශ්නපත්‍ර සකස් කිරීම හේතුවෙන් අම්පාරටත්, ඩෙල්ෆ්ට් දූපතටත් පොදුවේ සියලු පොත් සිංහල හා දෙමළ භාෂාවෙන් මුද්‍රණය කර බෙදා දී තිබෙන බවත් අමාත්‍යතුමා පෙන්වා දුන්නේය. දරුවන් වෙනුවෙන් මුද්‍රණය කරන පොත් වෙනුවෙන් 60%ක් වූ රාජ්‍ය මිල ප්‍රතිපත්තිය 50% දක්වා අඩු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීම නිසා ඉතා සහන මිල ගණන් යටතේ මෙම පොත් මුද්‍රණය කර ලබාදීමට හැකි වූ බවත් මෙවර අයවැයෙන් දැනුම් ආර්ථිකයක් ඉදිරිපත් කර තිබෙන අතර අධ්‍යපනය වෙනුවෙන් සම්පත් ලබාදීම නිසා අධ්‍යාපනයේ වෙනසක් සිදු කිරීමට හැකි වී තිබෙන බවත් අමාත්‍යතුමා වැඩිදුරටත්  පැවසීය.

    අතිපූජ්‍ය බලංගොඩ සෝභිත හිමි ඇතුළු මහා සංඝරත්නය, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් තිස්ස විතාරණ, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර යන මහත්වරු අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, සහකාර කොමසාරිස්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya