මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජන්ම දිනය හා පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ආශිර්වාද පූජාවක්

    නොවැම්බර් 18, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය හා පදවි ප්‍රාප්තියත් විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාගේ ජන්ම දිනයත් නිමිත්තෙන් ආශිර්වාද පහන් පූජා පිංකමක් ඓතිහාසික සංඛපාල රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.


    සංඛපාල රජමහා විහාරාධිකාරී පූජ්‍ය කොළඹගේආර ආනන්ද හිමියන්ගේ හා විහාර භාරකාර කොකාවල කෝසල හිමියන්ගේ අනුශාසනා පරිදි තිඹොල්කැටියේ නාගිත ස්වාමීන් වහන්සේ විසින් පහන් පූජාව මෙහෙයවනු ලැබීය.

    මීට සමගාමී ව සංඛපාල විහාරස්ථානයේ බාහිර විදුලි ආලෝක පද්ධතිය විවෘත කිරීමත් ගැබිනි මාතාවන් සඳහා සහනාධාර ප්‍රදානයත් සිදු කෙරිණි.

    විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභා අමාත්‍ය රංජිත් බණ්ඩාර යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya