ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය සහ පදවි ප්රාප්ති සැමරුමත් රටදැය වෙනුවෙන් ශරීර අවයව පුද කළ රණ විරුවන්ටත් සෙත්පතා අශිර්වාදාත්මක බෝධි පූජාවක් අද (15) පස්වරු 5.30ට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් මහින්ද බාලසූරිය, රණ විරු සේවා අධිකාරියේ සභාපති පත්මිණී වෑත්තෑව, ආරක්ෂක මාණ්ඩලික ප්රධානිවරයා, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු රණ විරු පවුල් සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම බෝධි පූජා පිංකම පැවැත්වේ.
DB