මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මහාභිමානි 2014" අද ජනපති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 15, 2014
    මහාභිමානි 2014 ජාතික ඉදිකිරීම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
     
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු ආයතන, වෘත්තිකයින් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු විවිධ අංශවල ශිල්පීන් දිරිමත් කරමින් ඔවුන් ඇගයීමට ලක්කිරීම උදෙසා මහාභිමානී 2014 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන (ICTAD) ආයතනය හා  ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය (NCASL) විසිනි.
     
    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශිල්පීන් හා වෘත්තිකයින් පිළිබඳව ඇති සාම්ප්‍රදායික ප්‍රතිරූපය ඉවත් කරමින් ඉහළ සාමාජීය ඇගයීමක් ලබාදීම, ඉදිකිරීම් ක්ෂේත්‍රයට තරුණ ජවය වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම, ඉදිකිරීම් ක්ෂේත්‍රය අත්පත් කරගෙන තිබෙන 22% ඉක්මවූ ඉහළ වර්ධන වේගය ඉදිරියට අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහි මූලික අපේක්ෂා වේ. ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන්  බහුවිධ හැකියාවන්ගෙන් හා තාක්ෂණයෙන් සවිබල ගැන්වීමද තවත් අරමුණකි. 
    මීට සමඟාමීව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  උන්නතිය වෙනුවෙන් සුවිශේෂී පියවරයන් ගනු ලැබීය. 
     
    නිවාසකරණයේ දීර්ඝ කාලීන සැලසුම් ඇතුළත් ජාතික නිවාස ප්‍රතිපත්තියක් එළිදැක්වීම හා එහි ක්‍රියාකාරී සැලැස්ම නිර්මාණය කර එළිදැක්වීම ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන (ICTAD) ආයතනය,  ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය බවට බලාත්මක කරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනඒම, ජාතික ඉංජිනේරු සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට  ගෙනඒම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  නියුතු ශිල්පීන් සඳහා දේශීය හා විදේශීය පුහුණු අවස්ථා ඇතිකිරීමට පියවර ගැනීම, දේශීය ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට විදේශ රටවල ආයෝජන අවස්ථා ලබාදීම හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  නියුතු විදේශීය ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීම ආදී පියවර රැසක් ගෙන තිබෙන අතර ඒ තුළින් වර්තමානයේදී ඉදිකිරීම් ක්ෂේත්‍රය අත්පත්කරගෙන තිබෙන 22% ඉක්මවූ සුවිශේෂී වර්ධන වේගය පහත වැටීමට ඉඩනොදී අඛණ්ඩව තවදුරටත් වර්ධන වේගය ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
     
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශය, ඉදිකිරීම් අභ්‍යාස ආයතනය හා ජාතික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගත අභිවෘද්ධිය උදෙසා කැපවන ඉදිකිරීම් ආයතන, විශිෂ්ටතම ඉදිකිරීම් වෘත්තිකයන්, විශිෂ්ටතම ඉදිකිරීම් ශිල්පීන් ඇගයීම මෙම සම්මාන උළෙල මගින් සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya