මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදාපති හා විශ්‍රාමික යුද හමුදා සාමාජිකයින් අතර සුහද හමුවක්

    නොවැම්බර් 15, 2014

    යුද හමුදාවේ අභිවෘද්ධිය සඳහා විශ්‍රාමික යුද හමුදා සාමාජිකයින්ගේ දැනුම සහ අත්දැකීම් එක් කර ගැනීමේ අරමුණින් යුද හමුදා විශ්‍රාමිකයන්ගේ සම්බන්ධීකරණයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා විසින් ඉකුත් 13දා යුද හමුදා මූලස්ථානයේ දී සුහද හමුවක් පවත්වන ලදී.


    මෙම පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගත් යුද හමුදාපතිතුමා, ඔවුන් විසින් රට වෙනුවෙන් කළ අනගි සේවය මහත් ඇගයීමට ලක් කරන ලදී. මෙම අවස්ථාවට විශ්‍රාමිකයන්ගේ සංගමයේ සභාපති බ්‍රිගේඩියර් (විශ්‍රාමික) කේ.ඒ.ගුණවීර මහතා ද එක්ව සිටියේය.

    සේවයෙන් විශ්‍රාම ගොස් සිටිය ද  ඔවුන් තුළ ඇති ඉමහත් දැනුම් සම්භාරය, තාක්ෂණික ඥානය මෙන් ම අත්දැකීම් තුළින් යුද හමුදාවට මහත් සේවයක් කළ හැකි බව අවධාරණය කළ යුද හමුදාපතිතුමා, නිවාස ණය, යහසාධක අරමුදල, වෘත්තිය පුහුණු පහසුකම්, නවීන සෞඛ්‍ය පහසුකම්, ගමනාගමන පහසුකම් වැනි වරප්‍රසාද මොවුන්ට ද හිමිවෙන බව මෙහිදී පැවසීය. ජාතියේ ආරක්ෂකයන් ලෙස ඉදිරියට යන ගමනේ දී එක්ව කටයුතු කිරීමේ අගය පිළිබඳව ද තවදුරටත් අවධාරණය කෙරිණි.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya