අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොවැ: 17 මහනුවරදී සර්ව ආගමික වැඩසටහන් මාලාවක්

    නොවැම්බර් 13, 2014

    ලබන 17 වැනි දින මහනුවර දිස්ත්‍රික්කය පුරා සර්ව ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිති‍ කොට ගෙන ශ්‍රී ලංකා මාතාවටත්, ජනාධිපතිතුමන් ඇතුළු රජයටත්, ත්‍රිවිධ හමුදාව සහ සමස්ත රට වැසියන්ටත් සෙත් පතා මෙම වැඩසටහන සංවිධානය කොට ඇත.


    එහි ප්‍රධාන උත්සව‍ය මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය. ඒ අනුව ලබන 17 වැනි දින මහනුවර දළදා මාලිගාවේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදින දානමය පුණ්‍යකර්මයක් සිදු කිරීමට නියමිතය.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසකගේ ප්‍රධානත්වයෙන් පවත්වන මෙම වැඩසටහනට සමගාමී ව දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් මුල් කරගෙන සර්ව ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබේ.

    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් දළදා මාලිගාවේ පැවැත්වෙන ප්‍රධාන උත්සවය සංවිධානය කරන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මූලිකත්වයෙන් සෙසු උත්සව සංවිධානය කෙරෙනු ඇත.

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya