මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක හා හෝටල් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවට අයදුම්පත් කැඳවයි

    නොවැම්බර් 11, 2014
    කොළඹ විශ්වවිද්‍යාලය සංචාරක, ආර්ථික විද්‍යා හා හෝටල් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවේ 2015/2016 අධ්‍යයන වර්ෂයන් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කොට ඇත.
     
    සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුතුවූවන්ට සිය වෘත්තීමය හැකියාවන් වර්ධනය කරගැනීමට අවස්ථාවක් ලබාදීමක් වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලය මගින් මෙම පාඨමාලාව හඳුන්වා දී ඇත.
     
    හතරවැනි වරට පවත්වනු ලබන මෙම පාඨමාලාව සංචාරක හා හෝටල් කළමනාකරණ ක්ෂේත්‍රයට ශාස්ත්‍රීය විශ්ෂ්ටත්වය හා වෘත්තීමය වශයෙන් ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීම ලබාදීමේ අරමුණින් ආරම්භ කෙරෙනු ඇත.
     
    මේ තුළින් සංචාරක කර්මාන්තයේ තීරණ ගන්නන්, සැලසුම්කරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ වෙළෙඳපොළ විශ්ලේෂකයන් සහ සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය නව ව්‍යවසායකයන් බිහිකිරීමට අපේක්ෂිතය.
     
    අයදුම්පත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෝ www.cmb.lk/academic/arts/econ/dttehm, www.sltda.lk/education වෙබ් අඩවිවලට පිවිසීමෙන් බාගත කරගත හැක.
     
    පාඨමාලාව පිළිබඳ වැඩිදුර තොරතුරු 0773 518 500/ 0712 713 673/ 0716 060 995 දුරකතන අංකවලට ඇමතීමෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it./ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපෑල වෙත යොමු කිරීමෙන් ලබාගත හැක.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya