මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ප්‍රදීපාලෝක සදහම් සරණි 2014" පළමු වටය ඇරඹේ

    නොවැම්බර් 11, 2014
    ප්‍රදීපාලෝක පදනම නිර්මාතෘ ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව දහම් පාසල් සිසු දරු දැරියන්ගේ කුසලතා ඔප්නැංවීම සඳහා ප්‍රදීපාලෝක පදනම මඟින් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දහම් පාසල් සම්බන්ධ කරගනිමින් "ප්‍රදීපාලෝක සදහම් සරණි 2014" අන්තර් දහම් පාසල් තරගාවලියේ පළමු වටයේ තරග පසුගිය දින දෙකක් පුරා පැවැත්විණි. 
     
    සමස්ත තරගාවලිය විවාද (සමූහ), භක්ති ගීත ගායනා (සමූහ), හා බොදු ගී ගායනා (ඒකල) යනුවෙන් තරග අංශ තුනකින් සමන්විත වේ.  ඒ අනුව පළමු දිනයේ දී බොදු ගී ගායනා (ඒකල) හා විවාද (සමූහ) යන තරග අංශත්, දෙවන දිනයේ දී භක්ති ගීත (සමූහ) යන තරග නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවත සුජාතා බාලිකා විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි. 
     
    තරගාවලිය මූලික වට හතරකින් පැවැත්වෙන අතර අවසන් මහා තරගය දෙසැම්බර් මස අග දී පැවැත්වීමට නියමිතය. ජයග‍්‍රාහකයන් සඳහා වටිනා ත්‍යාග හා සහතිකපත‍්‍ර ප‍්‍රදානය කෙරෙන අතර තරග ඉසව් සඳහා තරගකරුවන් සහභාගී කරවන සියලුම දහම් පාසල් වෙත සහභාගීත්වය වෙනුවෙන් පරිගණකයක් ද ඉදිරිපත් වන සියලු ම සිසුන් සඳහා සහතික පත‍්‍රයක් ද පිරිනැමේ.  
     
    පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ, තිඹිරිගස්යාය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය වැලිමඩ ශාන්ත නාහිමිපාණන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේ, ප්‍රදීපාලෝක පදනම නිර්මාතෘ, ශ්‍රීලනිප නැගෙනහිර කොළඹ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන,  විශාරද ජගත් වික්‍රමසිංහ , විශාරද චම්පා කල්හාරි, හර්ෂණ දිසානායක මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් හා දහම් පාසැල් දරු දැරියන් හා දෙමාපියවරු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya