මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රටක දැක්ම" ඡායාරූප ප්‍රදර්ශනය අද කුරුණෑගල දී ඇරඹේ

    නොවැම්බර් 10, 2014

    1948 පෙබරවාරි 04 වෙනිදායින් පසු ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ රට කර වූ ජනතා නායකයන් ජාතියට දායාද කළ මහාර්ඝ දායාදයන් හා ඒ ආශ්‍රිත සුවිශේෂී සිදුවීම් ඒකරාශී වූ දුර්ලභ ඡායාරූප රාශියකින් සැදුම්ලත් "රටක දැක්ම"  සේයා පෙළහරේ 2 වන අදියර අද (10) කුරුණෑගල තරුණ සේවා සභාවේදී ආරම්භ කෙරිණි.


    වයඹ පළාත් ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත කෙරිණි.

    මේ ප්‍රදර්ශනය හෙට (11) දිනයේ දී මහජනතාව වෙනුවෙන් විවෘත ව පවතින අතර එය පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා විවෘතව පවතී.

    පුරා වසර 30කට අධික කාලයක් විධායක ජනාධිපතිවරුන් සිව් දෙනෙකුගේ නිල ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළ, අත්දැකීම් බහුල ඡායාරූප ශිල්පියෙකු වූ ජනාධිපති ඡායාරූප අධ්‍යක්ෂ ජේ. සුදත් සිල්වා මහතා මෙහි නිර්මාණ අධ්‍යක්ෂවරයා වන අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙය සංවිධානය කරන ලදී.

    ප්‍රදර්ශනයේ 3 වන අදියර මේ මස 16 හා 17 දෙදින කෑගල්ල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

    NDH/pix by Darshana Bandara

    rataka dakma

     

    rataka dakma 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya