අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත්වල පුරාණ නන්දාරාම විහාරස්ථානයේ අභිනව රන් වැට නිරාවරණය කිරීම

    නොවැම්බර් 08, 2014

    අලුත්වල පුරාණ නන්දාරාම විහාරස්ථානයේ ඇති බෝධිය වටා අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට විවෘ කිරීම පෙරේදා (06) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණි.


    මේ අවස්ථාවට එම අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මිය ද සහභාගී වූවාය.

    රන්වැට විවෘත කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ හා රැස්ව සිටි බැතිමතුන්ගේ ආශීර්වාද මධ්‍යයේ ආරක්ෂක ලේකම්තුමා විසින් මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා බෝ මළුව තුළ සවිකර තිබූ සිහිවටන පුවරුව ද නිරාවරණය කරන ලදී. අලුත්වල පුරාණ නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති අලුත්වල රතනසිරි ස්වාමීන් වහන්සේ විසින් මෙම උත්සවයේ මුලසුන හෙබවීය.

    ආරක්ෂක ලේකම්තුමා විහාරස්ථානයේ අලුතින් ඉදිකරන ලද දන්ත ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ සර්වඥ ධාතූන් වහන්සේලාට පුද සත්කාර පවත්වා එය මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා විවෘත කිරීමත් කෙරිණි. ඉන් පසුව විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ආරාධනයෙන් මෙම අවස්ථාව සිහිපත් වීම සඳහා ආරක්ෂක ලේකම්වරයා විහාරස්ථාන පරිශ්‍රයේ සල් පැළයක්ද රෝපණය කෙරිණි.

    මෙම අවස්ථාව සඳහා අති පූජ්‍ය මහා සංඝරත්නය ඇතුළු ව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා ඇතුළු බැතිමත්හු විශාල පිරිසක් ද සහභාගී වූහ.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya