අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ්‍යෝතිෂ්‍ය සහ තාරකා විද්‍යාව ඇසුරෙන් කෙරෙන විශේෂ සාකච්ඡාවක් අද

    නොවැම්බර් 08, 2014

    ජාතික විද්‍යා සතියට සමගාමී ව පසුගියදා සිදු වූ සෙනසුරු මාරුව පිළිබඳ ව විශේෂ විද්වත් දේශනයක් සහ සංවාදයක් අද (08) පෙරවරු 11.30ට ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරයේදී පැවැත්වේ.


    පසුගියදා ඇති වූ මේ සෙනසුරු මාරුව පිළිබඳ ව රට පුරා වැඩි කතාබහක් ඇති විය. මේ සම්බන්ධ ව ජ්‍යෝතිෂ්‍යවේදීන්, තාරකා විද්‍යාඥයන් හා විද්වතුන් නොයෙකුත් අදහස් පළ කර ඇත. මේ නිසා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදීන් හා තාරකා විද්‍යාඥයින් ප‍්‍රමූඛ විද්වතුවන් සම්බන්ධ කරගනිමින් පැවැත්වෙන මේ වැඩමුළුව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මඟින් සංවිධානය කර තිබේ.

    ග‍්‍රහ තාරකා පිහිටීම් හා වෙනස්වීම් කේන්දරයට, ලග්නයට බලපෑම් කරන්නේ කෙසේද? ජ්‍යෝතිෂ්‍ය ශාස්ත‍්‍රයේ හා තාරකා ශාස්ත‍්‍රයේ මේ පිළිබඳ ව දරනුයේ කිනම් අදහසක්ද ? ඒ ඒ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ විද්වතුන්ගේ මතයන් කෙබඳු ද? යන කරුණු පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya