අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සම්මාභිමානී” ආගමික වැඩසටහන හෙට සිට

    නොවැම්බර් 06, 2014

    කුරිරු ත්‍රස්තවාදයෙන් මිදුණු වත්මන් සමාජය අධ්‍යාත්මික සංවර්ධනය තුළින්  දැහැමි සමාජයක් ගොඩනංවනු වස්, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ සහ යුද හමුදාව එක් ව “සම්මාභිමානී” නමින් ධර්ම දේශනා මාලාවක් පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇති අතර එහි පළමු අදියර හෙට (07) සිට ලබන 09 දින දක්වා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


    මෙම ආගමික වැඩසටහන් මාලාවේ පළමු අදියර ඇඹිලිපිටිය, පැල්මඩුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන් හි දී ආරම්භ කරනු ඇත.

    මෙම සුමධුර ධර්ම දේශනයන් සහ ආශිර්වාද පූජාවන් විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රධාන, පූජ්‍ය දොඩම්පහළ රාහුල ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේලා විසින් පැවැත්වීමට නියමිතව ඇත.

    මීට අමතරව හම්බන්තොට, බදුල්ල, අම්පාර, මොනරාගල, ගාල්ල, මාතලේ, පොලොන්නරුව, ත්‍රීකුණාමලය, වව්නියාව, අනුරාධපුරය, කුරුණෑගල, හෝමාගම, කැස්බෑව, අවිස්සාවේල්ල, ගම්පහ සහ කඩුවෙල යන ප්‍රදේශයන් හි ද ඉදිරියේ දී ධර්ම දේශනා පැවැත්වීමට ද නියමිතය.

    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායකගේ අධීක්ෂණය යටතේ “සම්මාභිමානී” වැඩසටහන් මාලාව සඳහා  සිවිල් සමාජය ම ආවරණය වන පරිදි  පාසල් ළමුන් සහ රාජ්‍ය සේවයේ නියුතු අය සහ බන්ධනාගාර රැඳවියන් ද මේ සඳහා සහභාගී කරවීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya