අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ප්‍රදීපාලෝක සදහම් සරණි 2014" පළමු වටයේ තරග ඇරඹේ

    නොවැම්බර් 06, 2014

    ප්‍රදීපාලෝක පදනමේ නිර්මාතෘ ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ප්‍රදීපාලෝක පදනම මඟින් දහම් පාසල් සිසු දරු දැරියන්ගේ කුසලතා ඔප්නැංවීම සඳහා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දහම් පාසල් සම්බන්ධ කරගනිමින් "ප්‍රදීපාලෝක සදහම් සරණි 2014" නමින් අන්තර් දහම් පාසල් තරගාවලියක් සංවිධානය කෙරෙන අතර එහි පළමු වටයේ තරග ලබන 08 හා 09 දිනයන්හි දී ආරම්භ වේ.


    සමස්ත තරගාවලිය තරග අංශ තුනකින් සමන්විත වේ.  විවාද (සමූහ), භක්ති ගීත ගායනා (සමූහ) හා බොදු ගී ගායනා (ඒකල) යනු එම තරග අංශ තුනයි. ඒ අනුව විවාද තරග ලබන 8 වන දිනත්, බොදු ගී ගායනා හා භක්ති ගීත (ඒකල / සමූහ) තරග ලබන 09 වන දිනත් දවස පුරා නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවතේ, සුජාතා බාලිකා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

    දහම් පාසල් සිසු දරු දැරියන්ගේ තර්කන හා කථන හැකියාවන් ඔප්නංවාගැනීම සඳහා මෙන් ම බුද්ධාලම්බනය හා ශාසනාලය පුබුදුවාලමින්, දරුවන් තුළ සුභාවිත ගීතයන් පිළිබඳ ව ඇල්ම ඉහළ නැංවීම මෙම තරගාවලියෙන් අපේක්ෂිතය. තරගාවලිය මූලික වට හතරකින් පැවැත්වෙන අතර අවසන් මහා තරගය දෙසැම්බර් මස අගදී පැවැත්වීමට නියමිතය.

    ජයග‍්‍රාහකයන් සඳහා වටිනා ත්‍යාග හා සහතිකපත‍්‍ර ප‍්‍රදානය කෙරෙන අතර තරග ඉසව් සඳහා තරගකරුවන් සහභාගී කරවන සියලු ම දහම් පාසල් වෙත සහභාගීත්වය වෙනුවෙන් පරිගණකයක් ද ඉදිරිපත් වන සියලු ම සිසුන් සඳහා සහතිකපත‍්‍රයක් ද පිරිනැමේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya