අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජෝන් ද සිල්වා සමරු රඟහල සඳහා මුල්ගල තැබීම 10 දා

    නොවැම්බර් 07, 2014
    ජෝන් ද සිල්වා සමරු රඟහලේ ඉදිකිරීම සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය   10දා පෙ.ව. 10.30 ට යෙ‍දෙන සුභ මොහොතින් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා අතින් සිදුකිරීමට නියමිත සිදුකිරීමට නියමිත ය.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්මේ දැක්වෙන ප්‍රසාංගික කලා මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම යටතේ, නාට්‍යකරුවන්ගේ අවශ්‍යතා අනුව ජෝන් ද සිල්වා සමරු රඟහල ඉදිකිරීමට 
    කිරීමට  සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
     
    ජෝන් ද සිල්වා සමරු රඟහල වර්තමානයට ‍නොගලැපුණ නිසා ඉවත් කළ අතර නාට්‍ය ශිල්පීන්ගේ හා ප්‍රේක්ෂක ජනතාව‍ගේ අවශ්‍යතා අනුව ඉදිරි වර්ෂ 50ක කාලයට ගැළපෙන පරිදි ජෝන් ද සිල්වා සමරු රඟහල ඉතා ඉක්මනින් අති නවීන තාක්ෂණයෙන් යුක්ත ව ඉදිකොට නාට්‍යකරුවන්ට ලබාදීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ.
     
    රුපියල් මිලියන 450ක් වියදමින්, වසර දෙකකින් වැඩ නිම කිරීමට සැලසුම් කර ඇති ජෝන් ද සමරු රඟහල නවීන තාක්ෂණික උපකරණ හා පහසුකම් සහිතව ඉදිකිරීමටත්, ආසන 800 කින් යුතු ප්‍රධාන රංගශාලාව (රංගශාලාව ආසන 550, බැල්කනිය ආසන 250) බ්ලැක්ස් බොක්ස් රංග ශාලාව (ආසන 200), නේපත්‍යාගාර, වැසිකිළි පද්ධතිය, විශාල වේදිකාව, අති නවීන වායුසමීකරණ, ආරක්ෂක හා ජලනළ පද්ධතිය,  මහල් 4 කින් යුත් නව කාර්යාල සංකීර්ණයක් , නව ආපන ශාලාවක් හා රථගාලක් අලුතින් ඉදිකිරීමටත් නියමිත ය.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya