ශ‍්‍රී ලංකාවේ දැනට කබොක් ගල් යොදා ඉදිකළ පොකුණු දෙකෙන් එකක් වන මෙය කුඩා ප‍්‍රමාණයේ පොකුණක් වීම විශේෂත්වයක් ගනී. වර්ෂ 1412 දී හයවන පරාක‍්‍රමබාහු රජතුමා මෙම ස්ථානයේ දී ඔටුනු පළඳා රයිගම රාජධානිය පිහිටවු බවත් පසුව ප‍්‍රාදේශීය පාලකයකු වු රයිගම් බණ්ඩාර මෙහි පාලනය ගෙන ගිය බවත් ඓතිහාසික හා සාහිත්‍ය මුලාශ‍්‍ර පෙන්වා දෙයි.
ක‍්‍රි.ව. 14, 15 සියවස් ශී‍්‍ර ලංකාව රාජ්‍ය පාලනය බටහිර දෙසට ව්‍යාප්ත වීමත්, අභ්‍යන්තර කැරළි කෝලාහල බහුල දේශපාලන වාතාවරණයක් පැවතීමත්, වෙළඳාම හා ආගම මුල් කරගත් යුරෝපීය ආගමන සිදුවීමත් යන කරුණු අතීත ජන සමාජ ජිවිත අවුල් කළ වකවානුවක පහතරට ප‍්‍රදේශ මුලික කරගත් ප‍්‍රාදේශීය පාලන ක‍්‍රමයක අවශ්‍යතාව ඇති වු කාලයක රයිගම රාජධානියේ නැගීම සිදුවිය.
මෙම පොකුණ පිහිටි විහාරයට අයත් ඉඩම වටා මීටර් දෙක හමාරක් පමණ උස කබොක් ගලින් නිම කළ ප‍්‍රාකාරයක් වේ. විහාරයට ඇතුළු වන දොරටු ආසන්නයේ ඇති මෙම කබොක් ගලින් ඉදිකළ පොකුණ මීටර් 34 දිගය. එහි පළල මීටර් හැට දෙකහමාරකි. ගැඹුර මීටර් හතරකි. උයන් වත්ත වැව හා ඍජුව සම්බන්ධ වෙමින් පැරණි මාලිගය සඳහා අවශ්‍ය ජලය රැස් කර තබා ගැනීමට මෙම පොකුණ ඉදිකර ඇත. ඒ සඳහා පොකුණ ඇතුළත උතුරු හා බටහිර බැම්ම යා කරමින් තනන ලද කුඩා ළිඳ, විශේෂ කාර්යය භරයක් ඉටු කරන්නට ඇති බව විද්වත් මතයයි. පොකුණේ නැගෙනහිර බැම්ම ජල ධාරිතාව දරා ගැනීමට සුදුසු වන සේ බදින ලද කබොක් සහ විශේෂ මැටි බදාමයක් භාවිත කර ශක්තිමත්ව බැඳ ඇති අතර ජලය රදවා තබා ගැනීමට කිරි මැටි ආවරණයක් පොකුණේ පත්ලට යොදා තිබී ඇත.
පොකුණ ඉදිකිරීමේ දී කබොක් ගල් එකින් එක බැඳීම සඳහා සකස් කළ මැටි බදාමයක් පමණක් යොදා ගෙන ඇති අතර පොකුණේ අත්තිවාරම සඳහා ඉරා ගත් දැව විශේෂයක් භාවිත කර ඇත. යොදාගත් දැව විශේෂය බොහෝ දුරට හොර හෝ කුඹුක් වන්නට ඇති බව අනුමාන කරන අතර එය වැඩිදුර තහවුරු කර ගැනීම සඳහා ලබාගත් දැව නියැදි මේ වනවිට රාජ්‍ය දැව සංස්ථාව වෙත යොමු කර ඇත.
මෙම කැණීමේ දී ඉමහත් කතාබහට ලක් වූ මාතෘකාවක් වුයේ 2013 දී පොකුණේ නැගෙනහිර පැති බැම්මෙන් හමු වු මැටි භාජනයයි. එවැනි ම මැටි භාජනයක් 2014 වර්ෂයේ දී සංරක්‍ෂණ කටයුතු අතරතුරේ දී පොකුණ ඇතුළත පිහිටි කුඩා ළිඳ මිදුලෙන් හමු විය. මෙම මැටි භාජන භූමිය සම්බන්ධ වත් පිළිවෙතකට අදාළ විය හැකි බව අනුමාන කළ හැකිය. පොකුණේ සංරක්‍ෂණ කටයුතු සිදු කරමින් පවතින අතරතුරේ දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සහය ඇති ව පොළොව විද නියැඳි කිහිපයක් ලබාගත් අතර ඒමඟින් පොකුණ ඇතුළත ජලය රඳවා ගැනීම සඳහා යොදාගත් ක‍්‍රමවේදය කුමක් ද යන්නත් පොකුණේ ස්ථර තැන්පත් වීම හඳුනා ගැනීමත් සොයා බැලීමට නියමිතය. එයට අදාළ පාංශූ විශ්ලේෂණ කටයුතු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග‍්‍රහය යටතේ දැනට සිදු කරමින් පවතී. අවස්ථා කිහිපයකදී පොකුණේ පතුලින් රැස් කරගත් නියැදි විශ්ලේෂණය කිරීමෙන් පොකුණ මත වැවුණු ජලජ ශාක පිළිබඳ දැන ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.
කැණීම් කොට සංරක්‍ෂණය අවසන් වන තෙක් විහාරාධිපති හිමියන්, දායක සභාව හොරණ මෙට්රෝ සිංහ සමාජය දැක් වු අනුග‍්‍රහයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය කෘතවේදීත්වය පිරිනමයි.
ECB