කෘතහස්ත දේශපාලඥයෙකු වූ ගාමිණි දිසානායක මහතා මෙරට දැවැන්තම බහුකාර්ය ව්‍යාපෘතිය වන මහවැලි ව්‍යාපාරය ආරම්භ කිරීමේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කළේය. ප්‍රබල අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ගාමිණි දිසානායක මහතා මැතිවරණ රැලියකට සහභාගී වෙමින් සිටියදී සිදු කළ බෝම්බ පිපිරවීමකින් ජීවිතක්ෂයට පත්විය.
ගාමිණි දිසානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා එම මැතිනිය ශ්‍රීමා දිසානායක, පුතුන් වන අමාත්‍ය නවීන් දිසානායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ විශාල පිරිසක් සහභාගී වූහ.
NDH