මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධර්මන්ගේ මාධ්‍ය නාමාවලියේ 11 වැනි සංස්කරණය එළිදකී

    ඔක්තෝබර් 25, 2014

    ශ්‍රී ලංකාවේ ජනපි‍්‍රය ම සහ ප්‍රමුඛතම මාධ්‍ය නාමාවලියක් වන "ධර්මන්ගේ මාධ්‍ය නාමාවලියේ" 11 වැනි සංස්කරණය ඉකුත්දා එළිදැක්විණි.


    ශ්‍රී ලංකා පාරිසරික ජනමාධ්‍යවේදී පර්ෂදයේ ප්‍රකාශනයක් වන මෙම මාධ්‍ය නාමාවලිය ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතාගේ සංස්කරණයකි. වසර 2000දී ප්‍රථමවරට ප්‍රකාශයට පත් වූ මෙම නාමාවලිය ශ්‍රී ලංකාවේ වාර්ෂික ව ප්‍රකාශයට පත්වන එක ම මාධ්‍ය නාමාවලිය ද වේ.

    ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් පිළිබඳ ව නිවැරදි තොරතුරු සොයා ගැනීමටත් මාධ්‍ය තොරතුරු මහජනතාවට පහසුවෙන් බලා ගැනීමටත් මෙම මාධ්‍ය නාමාවලිය ඔස්සේ අවස්ථාව ලැබී ඇත. පිටු 280කින් සමන්විත ධර්මන්ගේ  මාධ්‍ය නාමාවලිය විවිධ මාධ්‍ය ආයතනය සහ නාමයන්, ලිපිනයන්, ජංගම හා ස්ථාවර දුරකතන අංක, ෆැක්ස් අංක, විද්‍යුත් තැපැල් ලිපින, වෙබ් අඩවි, ක්‍රියාකාරි තනතුරු දරන්නන් පිළිබඳ ව ක්‍රමානුකූල ව කරුණු ගොනු කළ සුවිශේෂී ග්‍රන්ථයකි. මෙවර මාධ්‍ය නාමාවලියට මාධ්‍ය සේවා සපයන ආයතන 638ක මාධ්‍යවේදීන් ඇතුළු අදාළ අංශවල සම්බන්ධතාවන් 8903ක් ඇතුළත් ව ඇත.

    එයට අමතර ව මෙම මාධ්‍ය නාමාවලියේ කලාගාර, නාට්‍ය රඟහල්, සංස්කෘතික ආයතන, සංවර්ධන නියෝජිත ආයතන, තානාපති කාර්යාල, එක්සත් ජාතින්ගේ සහ රාජ්‍ය ආයතන වෙබ් ලිපින, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සි, මෙරට රාජ්‍ය මාධ්‍ය සංවිධාන, ජනමාධ්‍ය පුහුණුකරුවන්, ප්‍රාදේශීය  සහ රාජ්‍ය නොවන මාධ්‍ය සංවිධාන, රජයේ අමාත්‍යංශ, මෙරට ජාතික දිනපතා, සතිපතා, මාසික, වාර පුවත්පත් ආයතන සහ සඟරා, දේශපාලන පක්ෂ, ගුවන්විදුලි නාලිකා, රූපවාහිනී ආයතන, ජාතික පුවත්පත් තීරු ලිපි රචකයන්, මාධ්‍ය පුහුණු ආයතන පිළිබඳ ව තොරතුරු ඇතුළත් කර තිබේ. මෙම ග්‍රන්ථය මරදාන ගොඩගේ සහ නුගේගොඩ සරසවි පොත්හල්වලින් මිලදී ගත හැකිය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya