මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහායානික බුදු රුවක් නිරූපිත භාරත සම්භවයක් ඇති කැටයමක් අනුරාධපුරයෙන් හමු වේ

    ඔක්තෝබර් 13, 2014
    අනුරාධපුර  අශෝකාරාම පුරාවිද්‍යා භූමියේ මතුපිට තිබී  ඕවලාකාර මැටි ඵලකයක ඉතා සියුම්ව නෙලා ඇති බුදු පිළිමයක් හමු වී තිබේ.
     
    ප‍්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා හට මෙම බුදුපිළිමය හමු වී ඇති අතර, ඒ මහතා එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත සුරක්ෂිත ව භාරදී ඇත. මෙම ඕවලාකාර මැටි ඵලකය මධ්‍යයේ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් පද්මාසන ඉරියව්වෙන් පද්ම පීඨයක් මත වැඩ සිටින බුදුරුවක් උන්නතව නිර්මාණය කර ඇති අතර බුදු පිළිමයේ සිරස මත රැස් වළල්ලක් සහ බුදුරුව වටා තවත් කුඩා කැටයම් කිහිපයක් ද ඉතා සියුම් ව නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
     
    ප‍්‍රමාණයෙන් උස සෙන්ටිමීටර 5ක් ද පළල සෙන්ටිමීටර 4.4ක් සහ ඝනකම සෙන්ටිමීටර 2.1ක් ද වන මෙම බුදු පිළිමයේ කාලය පිළිබඳ නිර්ණය කිරීමට මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමගමගේ මහතා වෙත යොමු කරන ලද අතර, ඔහුට අනුව  මෙම කැටයම කි‍්‍රස්තු වර්ෂ 6-7 පමණ සියවස්වලට අයත් වෙයි. මෙම බුදු පිළිමය මහායාන සම්ප‍්‍රදායට අයත් අතර ඉන්දියාවේ අමරාවතී කලා ශෛලියට අයත්ය. එය පූජා භාණ්ඩයක් වශයෙන් සැදැහැවතුන් විසින් ලංකාවට රැගෙන ආ එකක් හෝ මහායාන ආගමික පිළිවෙතක් සඳහා භාවිත කරන ලද්දක් හෝ විය හැකිය.  මෙම කැටයම්ගත බුදු රුව සහිත ඵලකය මේ වන විට අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya