මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්නන්ගර 130 වැනි ජන්ම සංවත්සර උළෙල 13 වැනිදා යාපනයේදී

    ඔක්තෝබර් 11, 2014

    නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලියට පාත්‍ර වූ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ 130 වැනි ජන්ම සංවත්සර උළෙල අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ නෙල්ලිඅඩි මැදි විද්‍යාලයේදී අනිද්දා (13) පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. 


    මෙහිදී මැදි විදුහල්වලින් බිහි වූ විශිෂ්ටතම පුද්ගලයින් 54 දෙනෙකු සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් සම්මාන ප්‍රදානය කිරීම ද සිදු වේ.

    මෙයට සමගාමී ව යාපනයේ හින්දු විද්‍යාලයේ සහ නෙල්ලිඅඩි මහා විද්‍යාලයේ රුපියල් ලක්ෂ 200 බැගින් වැය කර ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත්කිරීම ද සිදු වේ. පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරය, පරිගණක 20කින් සමන්විත භාෂාගාරය, විද්‍යාගාරය, ගණිතාගාරය සහ දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකය යන අංගයන්ගෙන් සමන්විත ව එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් විවෘත වේ.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya