ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදරට පිහිටි පිටිසර දේවාලවල පෙරහර පිළිබඳව සාකච්ඡාවක්

    අගෝස්තු 15, 2024

    මධ්‍යම පළාත තුළ පිහිටි පිටිසර දේවාල සංරක්ෂණ හා සංවර්ධනය සඳහා ආධාර කිරිමේ අරමුණින් පිහිට වන ලද  පිටිසර දේවාල සංරක්ෂණ හා සංවර්ධන භාරයේ රැස්වීමක්   මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ දි පැවැත්විණි.

    මෙම භාරය මගින් දේවාල සතු ගොඩනැගිලි නඩත්තු කිරිම හා දේපල සංවර්ධනය කිරිම හා වැඩිදියුණු කිරිම, දේවාල වල පවත්වනු ලබන ආගමික  පෙරහැර සදහා අවශ්‍ය මුල්‍ය ආධාර සැපයීම, දේවාල වල කාර්යයෙහි නියතු  බස්නායක නිලමේවරුන් හා කලා කරුවන්ගේ ආර්ථික හා සමාජ සංවර්ධනය  සඳහා උපකාර කිරීම හා දේවාල වැද පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ අවශ්‍ය පහසුකම් සැපයීම යන කටයුතු සඳහා මෙමගින් ආධාර සපයනු ලබන අතර මෙවර මධ්‍යම පළත් සභාවේ සහයෝගය මත අදාළ ආධාර මුදල් ලබා දීම පිලිබදවත්, පිටිසර දේවාලයන්හි පෙරහැර පැවැත්වීම සම්බන්ධයෙන් මෙහි දි සකාච්ඡාවට ලක් වුණි.

    පිටිසර දේවාලයන්ගේ පෙරහැර සහ අනෙකුත් කටයතු මහනුවර ඇසළ පෙරහැරේම කොටසක් බවත් ඒම දේවාලයන්හි බස්නායක නිලමේවරුන් ප්‍රමුඛ සියලු දෙනා වෙත රාජ්‍ය ආයතන ඇතුලු සහය ලබා දෙන පාර්ශවයන්ගේ සහය ලබා ගෙන පෙරහර සාර්ථකව ඉටු නිරිමට අවශ්‍ය සහය ලබා දෙන ලෙස ද මෙහි දි නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

    මෙහි දි බස්නායක නිලමේවරුන් පෙරහැර පැවැත්විමේ දි ඇතිවන ගැටලු පිළිබදව සාකච්ඡා කළ අතර පළාත් සභාව මගින් පෙරහර පැවැත්විම සදහා ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ද ආණ්ඩුකාරවරයා පැවසිය.

    මෙම අවස්ථාවට ආණ්ඩුකාර සහකාර ලේකම් උදාර කොන්සිවත්ත ,මහනුවර අතිරේක දිසාපති ලලිත් ඇටම්පාවල, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂක ඉනෝදනි තඹවිට, පිටිසර දේවාලයන්හි බස්නායක නිලමේවරුන් ආරක්ෂක අංශ නිලධාරින් ඇතුළු පිරිසක් එක්වි සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya